අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම - මලිති ප්‍රකාශන
"පුරාණයේ ඉඳන් පැවතෙන නීතිවලට අනුව, අශිරා රජ කෙනෙකුට දාව මුල්ම උපත හැටියට පිරිමි නිවුන්නන් ඉපදුණොත්, ඒ දෙන්නා අතරින් රජකමට හිමිකම දරන්නේ බාල දරුවායි...” මහලු ස්ත්‍රිය එසේ කියමින් ගල් ගුහා දොර අභියසදී බාල දරුවා ඉහළට එසෙව්වාය.
"මෙන්න... නුඹලාගේ අනාගත රජු...!”
මහලු ස්ත්‍රිය මහත් හඬකින් කී විට ජනයා උස් හඬින් ප්‍රීනි ඝෝෂා කළෝය. නැවත සාෂා අසලට ඇවිද ආ ඇය බාල දරුවා කිරි මවක් අතට දී සාෂා අත සිටි වැඩිමල් පිරිමි දරුවාව තම අතට ගත්තාය. ඇය යළින් සෙනඟ ඉදිරියට යන විට සාෂා මෙන්ම අනෙක් පිරිසද කුතුහලයෙන් බලා සිටියහ.
මේ වගේ දුර්ලභ උපතක් සිදුවෙන්නේ එවැනි උපතක් සිදුවිය යුතු කාලයකයි. මේ දුර්ලභ උපතේ පෙර නිමිත්ත අනාගතයේ සිදුවෙන්නට යන මහා ව්‍යසනයක්...”
මහලු ස්ත්‍රිය උස් හඬින් පවසන විට ගම්මු භීතියට පත්ව කසුකුසු ගාන්නට වූහ.
“ඒත් බයක් නොගනිල්ලා... බාල දරුවා නුඹලාගේ රජතුමා වෙනකොට වැඩිමල් දරුවා නුඹලාව සියලුම නපුරෙන් ආරක්ෂා කරාවි.” ඇය පැවසූ දේ අසා ගම්මුන් යළිත් බලාපොරොත්තුවෙන් දැස් දල්වා ගත් අතර, සාෂා තම දෑස් කුඩා කර මැහැල්ල දෙස බලා උන්නාය.
"මෙන්න, නුඹලාගේ රැකවලා...!” මහලු ස්ත්‍රිය වැඩිමල් දරුවා ඉහළට ඔසවා කීවාය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.