අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම - මලිති ප්‍රකාශන

Special Price රු. 920.00 Regular Price රු. 1,150.00
In stock
SKU
ashiradhipathiyo-murgayage-dilhara-sandeepani-malithi-publishing

"පුරාණයේ ඉඳන් පැවතෙන නීතිවලට අනුව, අශිරා රජ කෙනෙකුට දාව මුල්ම උපත හැටියට පිරිමි නිවුන්නන් ඉපදුණොත්, ඒ දෙන්නා අතරින් රජකමට හිමිකම දරන්නේ බාල දරුවායි...” මහලු ස්ත්‍රිය එසේ කියමින් ගල් ගුහා දොර අභියසදී බාල දරුවා ඉහළට එසෙව්වාය.

"මෙන්න... නුඹලාගේ අනාගත රජු...!”

මහලු ස්ත්‍රිය මහත් හඬකින් කී විට ජනයා උස් හඬින් ප්‍රීනි ඝෝෂා කළෝය. නැවත සාෂා අසලට ඇවිද ආ ඇය බාල දරුවා කිරි මවක් අතට දී සාෂා අත සිටි වැඩිමල් පිරිමි දරුවාව තම අතට ගත්තාය. ඇය යළින් සෙනඟ ඉදිරියට යන විට සාෂා මෙන්ම අනෙක් පිරිසද කුතුහලයෙන් බලා සිටියහ.

මේ වගේ දුර්ලභ උපතක් සිදුවෙන්නේ එවැනි උපතක් සිදුවිය යුතු කාලයකයි. මේ දුර්ලභ උපතේ පෙර නිමිත්ත අනාගතයේ සිදුවෙන්නට යන මහා ව්‍යසනයක්...”

මහලු ස්ත්‍රිය උස් හඬින් පවසන විට ගම්මු භීතියට පත්ව කසුකුසු ගාන්නට වූහ.

“ඒත් බයක් නොගනිල්ලා... බාල දරුවා නුඹලාගේ රජතුමා වෙනකොට වැඩිමල් දරුවා නුඹලාව සියලුම නපුරෙන් ආරක්ෂා කරාවි.” ඇය පැවසූ දේ අසා ගම්මුන් යළිත් බලාපොරොත්තුවෙන් දැස් දල්වා ගත් අතර, සාෂා තම දෑස් කුඩා කර මැහැල්ල දෙස බලා උන්නාය.

"මෙන්න, නුඹලාගේ රැකවලා...!” මහලු ස්ත්‍රිය වැඩිමල් දරුවා ඉහළට ඔසවා කීවාය.

Author දිල්හාරා සන්දීපනී - Dilhara Sandeepani (8)
Publisher මලිති ප්‍රකාශන - Malithi Publisher (2)
More Information
ISBN 9786246089115
පිටු ගණන 221
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම - මලිති ප්‍රකාශන
Back to Top