Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / අශෝක මාලා

අශෝක මාලා

About this book

"හරි හැංගෙන්න දෙයක් නෑ... මම දැක්කා උඹව. දැන් බැහැපන් බිමට..."

ගස මුදුනේ සිටි තරුණිය තරමක් වෙලා නිසොල්මන් ව සිට පහතට බැසීමට පටන් ගන්නා බව සාලි දුටුවේ ය.

ඇය මුහුණ ආවරණය කර ගනිමින්, චකිතයෙන් සහ බියෙන් යුතු ව බයිනා බව ඔහු සිතුවේ නිවැරදි ව පා නො තැබීම නිසා ඈ ලිස්සා වැටෙන්නට යනු කිහිප වරක් දැකීමෙනි. 

"හෙමින් බැහැපන්... උඹට කරදරයක් කරන්නේ නෑ." 

තරමක් හඬ බාල කර පැවසූ සාලි ගස මුලින් තරමක් පසෙකට වූයේ ය.

සෙමෙන් සෙමෙන් ගසෙන් බැසගත් තරුණිය හිස බිමට බර කර දණ ගසා ගත්තා ය. ඇඳ සිටි ඇඳුම් අනුව, තමා ඉදිරිපිට සිටින්නා රාජකීය නිලධාරියෙක් බව ඇය දැන සිටියා ය.

බියෙන් සහ සෙමින් ගසින් බැස ගත් තරුණිය දෙස සාලි බලා සිටියේ ය. මුහුණ බිමට බර කර ගෙන සිටි ඇයගේ අතේ මල් පොකුරු කිහිපයක් තිබෙනවා බව ඔහු දුටුවේය. පසෙකින් තිබූ වට්ටියක ඊට පෙර කඩා තිබූ මල් පොකුරු කිහිපයක් ද ක්‍රමවත් ව තැම්පත් කර තිබුණි. තවමත් හිස සඟවාගෙන සිටිනා තරුණිය දෙස සාලි විමසිල්ලෙන් බැලුවේ ය. 

සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටි ඇයගේ එම ඇඳුම ගස් නැගීම නිසා තරමක් තැළී පොඩි වී තිබුණි. යවන වෙළෙන්දන් විසින් විකුණනු ලබන වළලු කිහිපයකින් ඇයගේ දෑත් සැරසී තිබීම සාලිට පුදුමයක් ගෙන දුන්නේ ය. 

ISBN
9786245663255
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අශෝක මාලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.