Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අෂ්ටවංකය ගිනි ගනී

අෂ්ටවංකය ගිනි ගනී

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

අෂ්ටවංකය’ නවකතාවෙන් කියැවුණු පරිදි, ඇලෙක්සැන්ඩ්‍රා සොලරින්ගේ දෙමව්පියන් වන කැතරින් වෙලිස් (කැට්) සහ ඇලෙක්සැන්ඩර් සොලරින් විශ්වාස කළේ මූග්ලින් චෙස් කට්ටලයේ ඉත්තන් ලොව පුරා විසිරී ඇති නිසා එය සන්තකයේ තබා ගැනීමෙන් ලැබෙන බලයේ රහස් ඔවුන් සමඟ වැළලෙනු ඇති බවත්ය. ඉන් වසර තිහකට පසුව, ඔවුන්ගේ එකම දියණිය, ඇලෙක්සැන්ඩ්‍රා සොලරින් ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ මුතුන් මිත්තන්ගේ නිවසට කැඳවනු ලැබේ. එහෙත් ඇලෙක්සැන්ඩ්‍රා පැමිණෙන්නේ තම මව අතුරුදහන් වී, උපක්‍රමශීලීව කරන ලද ඉඟි මාලාවක් ලැබී, අනපේක්ෂිත අමුත්තන් නිවසට පැමිණීම ආදී සිදුවීම් සමග යම් නරක දෙයක් සිදුවෙමින් පවතින බව පෙන්නුම් කරන අවස්ථාවකය.

චාර්ලිමේන් චෙස් කට්ටලයේ ප්‍රබලතම කොටස හදිසියේ මතු වී ‛ක්‍රීඩාව’ නැවත ආරම්භ වී ඇති බව ඇය සොයා ගනියි.

2009 දී කැතරින් නෙවිල් The Fire නවකතාව වෙනුවෙන් දර්ශනීය ප්‍රබන්ධ සඳහා පිදෙන ගෞරවනීය සිල්වර් නාටිලස් සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

විචිත්‍රවත් ගද්‍ය සමග ආකර්ෂණීය ඉතිහාසය තුළ නොනවතින සැකයන් මිශ්‍ර කරන කැතරින් නෙවිල්, The Eight නොහොත් අෂ්ටවංකය’ නවකතාවේ ඊළඟ සහ අවසාන පියවර වූ The Fire නොහොත් අෂ්ටවංකය ගිනිගනී’ කෘතිය හරහා අන්තරාය, ක්‍රියාදාම සහ කුතුහලය පිළිබඳ අමතක නොවන කතාවක් නැවතත් ගොඩනගන්නීය.

ISBN
9786246446017
පිටු ගණන (Pages)
484
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අෂ්ටවංකය ගිනි ගනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.