අවාරයේ පිපුණු මල්
About this book
පමාවී පිපුණත් අවාරෙක
සුවඳ අඩුවෙද මලක
පැහැය අඩුවෙද හැඩට
මල් පිපේ නම් වියළි අතු අග වුවද
එය වසන්තය පමණක් නොවෙද
පිපී හිනැහුණාට අනුන් සතු උයනක
තහනම් ද විඳිනට සුවඳ
පායා ආවාට තරු කැටයක්ව
හඳක් නැති හිස් අහසක
පාර කියනට බැරිවේ ද කුඩා එළි තිතකට
ඇද හැලුණාට සිහින් පොද වැස්සක්ව
ඉරි තැලූ නියඟයක මැද
පවස නිවනට බැරි ද අකල් වැහි පොදකට
බැඳුණාට අතැඟිලි යදම් සිර කොට
හැකිවේ ද නවතන්න හැඟුම් ඉපදෙන
උන්නාට දිවි ගමනෙ මග දෙකෙළවර
මුණගැහුණාට අහම්බෙන් ලද ඉසිඹුවක
අයිතියක් ඇවැසිම ද හිත් බැඳෙන ප්‍රේමයට
Details
ISBN
9786246679224
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review