Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / අවසන් සංස්කරණය සහ තවත් කතා

අවසන් සංස්කරණය සහ තවත් කතා

About this book

අවසානයේ, ගේට්ටුව ඉදිරිපිටදී ගත් කතුවරයාගේ උදලු පහරින් අවසන් හුස්ම හෙළූ සේවකයාගේ සිරුර බදාගෙන වැලපෙමින් සිටි බිරින්දෑ මතද එම උදැල්ලම පහත් නොවූයේ දියණියගේ වළක්වාලීම නිසාය.

-අවසන් සංස්කරණය-

 

ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය. මගේ රෑකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු එකම මේසයකට රැස්ව එක් දුරකතනයකට මුහුණු ඔබාගෙන කුමක්දෝ නරඹමින් සිටි අතර මමද එතැනට ගොස් ඉහළින් එබී බැලුවෙමි. මගේ බිරිඳ නිත්‍යා, මහපාරේ නිරුවතින් ඇවිද ගියාය!

- ෆිටෝන් රූම් -

 

“මොකක්ද යකෝ මට කරන්ඩ කියන්නෙ?”

“අශ්විනීගේ ඔළුවත් නරක නෑ. කපලා ගෙනෙංකො ගැළපෙනවද බලන්න. ගැළපුණේ නැත්තං අපි වෙන එකක් බලමු. කරන්න දෙයක් නෑ. උඹ තමා මට ඔළුවක් දෙන්ඩ ඕනෑ.”

-ඔළුව -

 

අනුත්තරා එල්ලීමට තීරණය කළාය

-රයිස් -

 

"දොස්තර නෝනා... ඒ ළමය හම්බ වෙච්චි දා ඉඳන් මාස දෙකක් තිස්සේ ළමයා බේබි කාමරේ තියාගෙන ඒ අම්මා පුදුම දුකක් විඳලා තියෙනව. ඒක නිමිත්ත කරගෙන තමයි එයාට සංසාරෙ ගැන බය ඇති වෙලා තියෙන්නේ... සංසාරේ ඉවර කරගන්න ඕන කියන හැඟීම ඇති වෙලා තියෙන්නේ... ඒක වැරැද්දක් නෙවෙයි නෝනා.”

-කාක බෝ-

 

Details
ISBN
9786245673216
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවසන් සංස්කරණය සහ තවත් කතා

Reviews are published once a member of our team has read them.