අවසන් සටනේ මියගිය අවසන් සෙබළා

Special Price රු. 1,105.00 Regular Price රු. 1,300.00
Out of stock
SKU
awasan-satane-miya-giya-sujith-chaminda-kathru

පුෂ්පකුමාර නම් සැරයන්වරයා අණදෙන නිලධාරි හමුවේ කිසියම් ඉල්ලීමක් සිදු කළේය. ඔහු පසුදින ඇරඹීමට නියමිත ක්‍රියාන්විතයේ මුලින්ම පස්බැම්ම තරණය කරන ඛණ්ඩයේ තීරණාත්මකම කාර්යභාරය සිදුකරන පුද්ගලයා විය.
“මට සර් එක්ක සිගරට් එකක් බොන්න ආසයි.”

සැරයන්වරයාගේ එම අනපේක්ෂිත ඉල්ලීම හමුවේ එහි සිටි සියලු දෙනා තුළ ඇතිකළේ තිගැස්මකි. විශේෂයෙන්ම අණදෙන නිලධාරී ඉදිරිපිට දුම්වැටියක් පානය කිරීමට එහි සිටින නිලධාරින් පවා ඉදිරිපත් නොවන තත්වයක් තුළ සැරයන්වරයාගේ එවැනි හැසිරීමක් ඔහුට තරම් නොවන බව සැමගේ අදහස විය. එසේම, එය අණදෙන නිලධාරිගේ නිසැක උදහසට ද ලක්විය හැකි බැව් ඔවුහු සිතූහ. නමුත්, සිදුවූයේ අනෙකකි. සැරයන්වරයාගේ එම ඉල්ලීමට අණදෙන නිලධාරි දැක්වූයේ නිහතමානී අනුකූලතාවයකි. හෙතෙම තමා සන්තකයේ වූ සිගරැට් පැකට්ටුව වහාම ඔහු වෙත දිගු කළේය. ඒ සමඟම එහි සිටි සෙසු පිරිසට ද සිගරැට්ටුව බැගින් ලබාදුන් ඔහු තමන් සතුව තිබූ ගිනිපෙට්ටියකින්ම සැරයන්වරයාගේ සිගරැට්ටුව දල්වා ලන්නට ද කටයුතු කළේය.

මෙවන් මොහොතක ඔහුගේ එම හැසිරීම පිළිබඳ අණදෙන නිලධාරි තුළ ඇති කළේ ව්‍යාකූලත්වයකි. ඉදිරි ක්‍රියාන්විතයේ පවතින නිසැක අවදානමේ තරම ඔහු හොඳින් දැන සිටියේය. සැරයන්වරයා තම ජීවිතය පිළිබඳ කිසියම් අවිනිශ්චිත පණිවුඩයක් ඒ හරහා ලබා දෙන්නේ දැයි ඔහුට සිතිණ. එබැවින් තවදුරටත් ඔහුව එම කටයුත්තට යොදවන්නට තරම් හිතක් අණදෙණ නිළධාරී හට නොවීය. නමුත් ඒවන විට ක්‍රියාන්විතය සඳහා අවසන් නියෝග නිකුත්කර තිබූ පසුබිමක එම සැරයන්වරයා වෙනුවට වෙනත් අයකු ආදේශ කිරීමටද ඔහුට හැකියාවක් නොවීය.

එදින උදෑසන සිදුවූ ඉහත සිදුවීම පිළිබඳ මතක අණදෙන නිලධාරින්ගේ සිත බලවත් සේ පෙළන්නට විය. ඒ වනවිට ක්‍රියාන්විතය අවසන්ව ගතවී තිබුණේ හෝරාවකටත් අඩු කාලයකි. සටනෙහි ජයග්‍රහණය හමුදා භට පිරිස වෙත හිමිව තිබුණ ද සමස්ථයක් ලෙස ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය සුළු පටු නොවීය. වෙඩි බෙහෙත් සුවඳ මුසුවූ ගිනි ගැහුණු භූමියේ තැන තැන වැටී ඇති උණුසුම් රුධිර බිඳු සටනෙහි බිහිසුණු බව මැනවින් පෙන්නුම් කළේය. අණදෙන නිලධාරී තම දෙපා අබිමුව වැහි කබායකින් එතූ යමක් සෙමෙන් විවර කරන්නට වූයේය. සැරයන් පුෂ්පකුමාරගේ අසම්පූර්ණ සිරුරු කොටස් එහි විය. පෙරදා තමා සමඟ ඔහු ඉරූ සිගරුට්ටුවේ සුවඳ ඒ මොහොතේ ද ඔහුගේ නැහැපුඩු අතරට දැනී නොදැනී යන්නට විය.

 

 

Author සුජිත් චමින්ද එදිරිසිංහ - Sujith Chaminda Edirisinghe (5)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (819)
More Information
ISBN 9789559719175
පිටු ගණන 194
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අවසන් සටනේ මියගිය අවසන් සෙබළා
Back to Top