Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / බහිරව නිධානය

බහිරව නිධානය

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වැළිහිඳ මුනිරත්නයන් ප්‍රකට ලේඛකයෙකු පමණක් නොව සිනමාවට ද සම්බන්ධවී සිය හැකියාවන් ඔපමට්ටම් කරගත් සුවිශේෂී පුද්ගලයෙකු ලෙස හැඳින්වීම නිවැරදිය. නවකතා මෙන්ම ඔහු ලියා ඇති රහස් පරීක්ෂක කතා ද ස්වතන්ත්‍ර නිර්මාණ ලෙස සැලකිය හැකිය. රහස් පරීක්ෂක කතාවක් රචනය කිරීමේදී එහි අවසානය දක්වාම කියවන පාඨකයා තුළ කුතුහලයක් ඇතිවේ නම් එය සාර්ථක නිර්මාණයක් ලෙස පිළිගැනීමට සිදුවෙයි.

එම සාර්ථකත්වය වැළිහිඳ මුනිරත්නයන්ගේ සෑම කෘතියක් තුළින්ම පැහැදිලි වන්නේය.

ඔහු විසින් රචිත ප්‍රථම රහස් පරීක්ෂක කතාව "අභිරහස් මරුවා" ප්‍රකාශයට පත්වීමෙන් පසුව දිගින් දිගටම එවැනි කෘතීන් සම්පාදනය වීමෙන් ඔහු ජනප්‍රිය ලේඛකයෙකු බවට පත්විය.

ඔහුගේ "බහිරව නිධානය" කෘතිය ද පාඨකලෝලයාගේ රුචිකත්වය වර්ධනය වීමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි මම විශ්වාස කරමි.

වර්නන් පෙරේරා
149 - A කීල්ස් නිවාස
හෝකන්දර දකුණ
හෝකන්දර

ISBN
9789553058553
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බහිරව නිධානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.