බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

Special Price රු. 135.00 Regular Price රු. 150.00
In stock
SKU
bahiya-darucheeriya-maha-rahathan-gayan-chanuka-dayawansha

“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්‍ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ දුටු සේක.

දැක, “මහණෙනි, මේ බාහිය දාරුචීරිය ගේ සිරුර ගනිවු. සිරුර ගෙණ ඇඳක නංවා බැහැරට ගෙණ ගොසින් ආදාහනය කරවු. ආදාහනය කොට ශේෂ වූ අස්ථි ධාතු ගෙණ සිව් මංසන්ධියක ස්තූපයක් කරවු. මහණෙනි, ඔබලා ගේ සබ්‍රහ්මචාරියෙක් කලුරිය කරණු ලැබුවා” යයි වදාළ සේක.

මෙය ඇසූ භික්‍ෂූහු “ස්වාමීනි, එසේ ය” යි පවසා කුණු ගොඩ අසල වැටී තිබූ බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය ගෙණ එය ඇඳක් මතට නංවා බැහැරට ගෙණ ගොස් ආදාහනය කොට ආදාහනයෙන් පසුව ශේෂ වූ අස්ථි ධාතූන් ගෙණ ධාතු නිදන් කොට ස්තූපයක් කළහ.”

Author Gayan Chanuka Vidanapathirana (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9786245710461
පිටු ගණන 24
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ
Back to Top