බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ
“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්‍ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ දුටු සේක.
දැක, “මහණෙනි, මේ බාහිය දාරුචීරිය ගේ සිරුර ගනිවු. සිරුර ගෙණ ඇඳක නංවා බැහැරට ගෙණ ගොසින් ආදාහනය කරවු. ආදාහනය කොට ශේෂ වූ අස්ථි ධාතු ගෙණ සිව් මංසන්ධියක ස්තූපයක් කරවු. මහණෙනි, ඔබලා ගේ සබ්‍රහ්මචාරියෙක් කලුරිය කරණු ලැබුවා” යයි වදාළ සේක.
මෙය ඇසූ භික්‍ෂූහු “ස්වාමීනි, එසේ ය” යි පවසා කුණු ගොඩ අසල වැටී තිබූ බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය ගෙණ එය ඇඳක් මතට නංවා බැහැරට ගෙණ ගොස් ආදාහනය කොට ආදාහනයෙන් පසුව ශේෂ වූ අස්ථි ධාතූන් ගෙණ ධාතු නිදන් කොට ස්තූපයක් කළහ.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.