Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බාලිකා පාසලේ අබිරහස

බාලිකා පාසලේ අබිරහස

About this book

ඉංග්‍රීසි සාහිත්‍යයේ රහස් පරීක්ෂක කතා රැජින ලෙස විරුදාවලිය ලත් අගතා ක්‍රිස්ටි මැතිනිය සිය ජීවිත කාලය තුළදී පොත් හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් රචනා කොට ඇත. කතාන්දරයේ අවසන් පිටු කිහිපයට ළඟාවන තෙක් මිනීවරුවා කව්රුන් ද යන්න පාඨකයාට තේරුම් නොයන අයුරින් කතාව ඉදිරිපත් කිරීම ඇගේ සුවිශේෂීභාවය ලෙස පැහැදිලිව හඳුනා ගත හැක. උපතින් ඔස්ට්‍රියානු ජාතිකයෙකු වූ ඇය, ඉංග්‍රීසි ජාතිකයන්ගේ සිතුම් පැතුම් සහ සිරිත් විරිත් යාන්තමට විවේචනයක යෙදීමත් ‘ගැහැනු ඉව’ පිළිබඳව බොහෝ විට මතුකොට දැක්වීමත් ඇගේ කෘතීන්හි අනෙකුත් ලක්ෂණ ලෙස සඳහන් කළ යුතුව තිබේ. මෙහි මුල් කෘතිය අගතා ක්‍රිස්ටි විසින් පල කරන්නට යෙදුනේ 1595 වර්ෂයේදීය.

"එංගලන්තයේ ඉහලම පෙලේ බාලිකා පාසැලක් වූ මිඩෝව්බෑන්ක් එහි ආරම්භක යුගයේ පටන්ම රාජකීයන්, වංශාධිපතීන් සහ මධ්‍යම පාංතිකයන්ගෙ දැරියන් එකට කැටි වී ඉගෙන ගත් ස්ථානයක් ලෙස රට තුළ ජනප්‍රියය. කෙලිලොල් දැරියන්ගේ දඟකාරකම්, රහස් පෙම් හබ සහ මැඩ පවත්වාගත නොහැකි කුතූහලය නිසා ඇති වන සුරතල් වැරදි හැරුණු කොට වෙනත් කිසිදු අසාමාන්‍ය සිදුවීමක් පාසැල තුළ කිසිදා ඇති වී නැත. එහෙත් මෙවර පාසැල පටන්ගත් දින නොගැලපෙන කිසිවෙකු තමන් අතර සිටිනවා යන හැඟීමක් පාසැලේ කිහිපදෙනෙකු තුළ ම ඇති වේ. ඈත එපිට මැද පෙරදිග රටක ඇතිවන විප්ලවයක අතුරු ඵලයක් කාටත් නොදන්වා පාසැල අභ්‍යන්තරයේ පැලපදියම් වීම ඊට හේතුව බව කිසිවෙකු දන්නේ නැත. මිනීමැරුම්, පැහැරගැනීම් නිසා පාසැල පත්ව ඇති වියවුලින් ගොඩ ඒමට එකම මඟ වන්නේ ඒ සඳහා වගකිව යුත්තන් අල්ලාගැනීම පමණි. නමුත් ඒ සඳහා පොලීසියට පමණක් හැකි වේවි ද…?"

Details
ISBN
9789550171255
පිටු ගණන (Pages)
269
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බාලිකා පාසලේ අබිරහස

Reviews are published once a member of our team has read them.