බංගලාවෙන් බිල්ලක්

Rating:
100 % of 100
Special Price රු. 792.00 Regular Price රු. 990.00
In stock
SKU
bangalawen-billak-lasitha-umagaliya-prathibha
Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට වීමු. පෙර ජගත්ගේ ගිනි අවියෙන් එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බිඳී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මධ්‍යයේ වූ චතුරස්‍රාකාර කොටස් රැඳී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරීක්ෂාකාරීව බැලුවෙමි. ශ්වේත වර්ණ හිස් හිස් කබලෙහි අක්ෂි කුහර යුගල තුළ සැඟවුණු කිසියම් අද්භූත බවක් ඇතැයි මට සිතුණේ වරක් දෙවරක් නොවේ. කිසියම් මොහොතක මෙම ඇට සැකිල්ල මා වෙත පැන මාගේ ගෙල සිරකර මා මරා දමනු ඇතැයි වරෙක මට සිතිණි. දුර්වර්ණ වූ අයෝමය ගේට්ටුවේ සිට නිවස දක්වා දිවෙන වක්‍රාකාර ගමන් පතය මීටර් දෙසීයක පමණ දුරකින් යුක්ත වූ අතර අපි එය මඟහැර උද්‍යානයේ තිබූ දැවැන්ත තුරු ලතාවන්ගේ ආවරනය ලබමින් අදුරු සෙවණැලි අතරින් ක්‍රමයෙන් නිවස කරා සමීප වීමු. අපගේ සවන්හි වැකුණු යම් හඬක් විණි නම් ඒ නොනවත්වා නැඟුණු රැහැයියන්ගේ නාදයත් දිරාපත් වූ කොළ රොඩු අතු ඉති මතින් දෙපා තබද්දි නැගුණු 'සර සර' නාදයත් පමණි.ජංගම දුරකථන 'නිහඬකරණයට' ලක්කර ගන්න යැයි උපදෙස් දී තිබුණෙන් මෝටර් රථයෙන් බිමට බට මොහාතේ ම අපි එය ක්‍රියාත්මක කළෙමු. ''මෙතැනදි තමයි සර් අනතුර වෙලා තියෙන්නෙ. අන්න අර පහළින් පේන පයිනස්ට් ගහේ වැදිලා තමයි කාර් එක නතර වෙලා තිබුණෙ. පේනවනෙ බැරිවෙලා හරි ඒ ගහේ වැදිලා වාහනේ හිරවුණේ නැත්තම් තවත් මීටර් පනහක් හැටක් විතර පහළට පෙරළිලා තමයි නතර වෙන්නෙ.''
More Information
ISBN 9789556245152322
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බංගලාවෙන් බිල්ලක්
Back to Top