Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බංගලාවෙන් බිල්ලක්

බංගලාවෙන් බිල්ලක්

About this book
අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට වීමු. පෙර ජගත්ගේ ගිනි අවියෙන් එල්ල වූ වෙඩි ප්‍රහාර හේතුවෙන් බිඳී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මධ්‍යයේ වූ චතුරස්‍රාකාර කොටස් රැඳී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරීක්ෂාකාරීව බැලුවෙමි. ශ්වේත වර්ණ හිස් හිස් කබලෙහි අක්ෂි කුහර යුගල තුළ සැඟවුණු කිසියම් අද්භූත බවක් ඇතැයි මට සිතුණේ වරක් දෙවරක් නොවේ. කිසියම් මොහොතක මෙම ඇට සැකිල්ල මා වෙත පැන මාගේ ගෙල සිරකර මා මරා දමනු ඇතැයි වරෙක මට සිතිණි. දුර්වර්ණ වූ අයෝමය ගේට්ටුවේ සිට නිවස දක්වා දිවෙන වක්‍රාකාර ගමන් පතය මීටර් දෙසීයක පමණ දුරකින් යුක්ත වූ අතර අපි එය මඟහැර උද්‍යානයේ තිබූ දැවැන්ත තුරු ලතාවන්ගේ ආවරනය ලබමින් අදුරු සෙවණැලි අතරින් ක්‍රමයෙන් නිවස කරා සමීප වීමු. අපගේ සවන්හි වැකුණු යම් හඬක් විණි නම් ඒ නොනවත්වා නැඟුණු රැහැයියන්ගේ නාදයත් දිරාපත් වූ කොළ රොඩු අතු ඉති මතින් දෙපා තබද්දි නැගුණු 'සර සර' නාදයත් පමණි.ජංගම දුරකථන 'නිහඬකරණයට' ලක්කර ගන්න යැයි උපදෙස් දී තිබුණෙන් මෝටර් රථයෙන් බිමට බට මොහාතේ ම අපි එය ක්‍රියාත්මක කළෙමු. ''මෙතැනදි තමයි සර් අනතුර වෙලා තියෙන්නෙ. අන්න අර පහළින් පේන පයිනස්ට් ගහේ වැදිලා තමයි කාර් එක නතර වෙලා තිබුණෙ. පේනවනෙ බැරිවෙලා හරි ඒ ගහේ වැදිලා වාහනේ හිරවුණේ නැත්තම් තවත් මීටර් පනහක් හැටක් විතර පහළට පෙරළිලා තමයි නතර වෙන්නෙ.''
ISBN
9789556245152322
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ Fiction - Detective
    බංගලාවෙන් බිල්ලක් ~ THE MYSTERIOUS PURSUER

    "අපි සුරංගි ගෙ මහගෙදරට ගියෙ දැන් මාස කීපයකට කලින්. ඒක ලොකු වලව්වක්.මිනිස්සු එහාට කියන්නෙ නෙල්ලිගල බංගලාව කියලා..."

    තම බිරිඳගේ නිවස තුළ සිදුවන්නේ කුමක් ද යන්න හඳුනා ගැනීමට පොලිස් පරික්ෂක ජගත් අබේනායක ගේ සහය පතන්නේ ඔවුන්ගේ පැරණි පාසැල් මිතුරෙකි.

    "මෙතනදි තමා සර් අනතුර වෙලා තියෙන්නෙ.අන්න අර පහළින් පේන පයිනස්ට් ගහේ වැදිලා තමා කාර් එක නතර වෙලා තිබුණෙ.පේනවනේ බැරිවෙලා හරි ඒ ගහේ වැදිලා වාහනේ හිරවුනේ නැත්නම් තවත් මීටර් පනහක් හැටක් විතර වාහනය පෙරළිලා තමා නතර වෙන්නෙ."

    නෙල්ලිගල බංගලාවේ සාමාජිකයන් වරින්වර මේ ලෙසින් අනතුරට පත් වන්නේ කෙසේද ????

    මේ වනාහි CID කතා මාලාවේ නවතම කෘතියයි. මෙතෙක් පැමිණි කතන්දර අතුරින් ඉතාම කුතුහලයක් මතු කරන කතාව ලෙස මෙම කතාව හඳුන්වා දිය හැක.
    Ranga Yudara ·
Write a review
Write a review

You're reviewing: බංගලාවෙන් බිල්ලක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.