බැංකොක් වගතුග
සංජය දොළමුල්ල අපූරු සංචාරකයෙකි. ආසියාකරයේ රටවල නිතර නිතර කරක් ගසන ඔහු මේ ගමන් බිමන් අකුරු බවට පෙරළන්නේ ඔහුගේ පාඨකයන් ඔහු ඇවිදින රටේ හෝ පළාතේ අස්සක් මුල්ලක් නෑර කැඳවාගෙන යමිනි. ඒ ඒ රටවල ආහාර සංස්කෘතීන්, සිරිත් විරිත් ගැන ඔහුගේ කතා කියවද්දී විඩාබර නොවන අපූරු ගමන් අත්දැකීමක් පාඨකයාටද ලැබිය හැකිය.
වේගයෙන් අලෙවි වූ සංචරණ සටහන් ඇතුළත් ග්‍රන්ථ කිහිපයක් ම රචනා කර ඇති ලේඛකයා, ශ්‍රි ලංකාව ඇතුළු ලෝක සංචාරකයන්ගේ සිහින ගමනාන්තයක් වන තායිලන්තයේ බැංකොක් අගනුවරට මේ පොත තුළින් අපව සජීවීව කැඳවාගෙන යයි. විටෙක බැංකොක් නුවර සිටින ඔහු විටෙක අයුත්‍යා නගරයේය, විටක චියැංමායි කඳුකර නගරයේය. විටෙක පටායා සංචාරක පුරවරයේය.
වරක් දෙවරක් නොව හතළිස් වතාවක් බැංකොක් නුවරට ගොස් එහි විවිධ අත්දැකීම් ලබා ඇති ඔහු ලියා ඇති “බැංකොක් වගතුග” සංචරණයට උනන්දු කාටත් බැංකොක් සහ තායිලන්තය ගැන හැදෑරීමට සරසවියක් වැනිය.
චාමින්ද වාරියගොඩ ප්‍රධාන කර්තෘ මව්බිම
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.