ප්‍රබුද්ධ - බෞද්ධ පූජා චාරිත්ර සහ අභිචාර විධි අංකය
බෞද්ධ දර්ශනය හා ශිෂ්ටාචාරය පිළිබඳ
ගැඹුරු විමර්ශන සඳහා ම කැප වූ ප්රබුද්ධ ශාස්ත්රීය
සංග්රහයේ දහ වන කලාපය අප හමුවට මෙවර
පිරිනැමෙන්නේ බෞද්ධ පූජා චාරිත්ර සහ අභිචාර විධි
සම්බන්ධයෙන් රචිත විචාරශීලී ලේඛන සමුච්චයක්
ලෙස ය.
පූජා චාරිත්ර සහ අභිචාර විධි සම්බන්ධයෙන්
ඓතිහාසික, සමාජ- මානව විදකනුකූල, දාර්ශනික හා
සෞන්දර්යාත්මක දෘෂ්ටි කෝණයන්ගෙන් සමන්විත ව
මෙම විමර්ශනාත්මක ලේඛන මාලාව සම්පාදනය කර
ඇත්තේ කීර්තිධර විශේෂඥ විද්වතුන් පිරිසක් විසින් ය.
ආචාර්ය ඇහැලේපොල මහින්ද හිමියන් සහ උඩුගම
සරණතිස්ස හිමියන් විසින් ගොනු කර සංස්කරණය කර
ඇති මෙම විමර්ශනයන්හි අධිකාරීත්වය පිළිබඳ
සහතිකය අපට ලැබෙන්නේ ලක්බුදුසමයෙහි සම්භාවනීය
කේන්ද්රස්ථානයක් වූ මහනුවර අස්ගිරි මහා විහාරය විසිනි.
ආමිස - ප්රතිපත්ති පූජා, බුද්ධ පූජා, ස්තූප පූජා,
ධාතු පූජා, බෝධි පූජා සහ ඤාණ පූජා ආදිය මෙන්ම පින
පව, පිරිත, පැන් වැඩීම, කිරි අම්මාවරු දානය සහ
හත් අඩිය වැනි අභිචාර විධි පිළිබඳව ද විධිමත් දැනුමක්
සහ ප්රබුද්ධ විමර්ශනයක් විශ්ව කෝෂයක් බඳු මෙම
ලේඛන සංග්රහයෙන් ලබා ගත හැකි ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.