බෙන් - හර්

Special Price රු. 1,080.00 Regular Price රු. 1,350.00
Out of stock
SKU
ben-hurr-shrilani-fernando-ashirwada-lew-wallace

“ලෝකයා අපගෙන් අලුත් පාඩමක් ඉගෙන ගන්නවා ඇත. එය නම් ස්වර්ගය ජය ගත හැක්කේ කඩුවෙන් නොව, මනුෂ්‍ය ඥානයෙන් නොව, විශ්වාසයෙන්, ආදරයෙන් හා යහපත් ක්‍රියාවෙන්ම පමණක්ම බවය.”

ජෙරුසලමේ වංශවත් පවුලකින් පැවතෙන යුදෙව් ජාතික ජුදා ‘බෙන් - හර්’ නම් කුමාරයා, තමාගේ ළමා වියේ මිතුරා වූ ‘රෝමානු මෙසාලා’ ගේ පළිගැනීමට ලක්ව රෝම යුධ නෞකාවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් කෙනෙකු මෙන් ධනවතෙකු බවට පත් වූ ‘බෙන් - හර්’ නැවත තම මව් බිමට පළිගැැනීමේ චේතනාවෙන් හා අහිමි වූ තම මව් හා නැගනිය සෙවීමේ අභිලාශයෙන් පැමිණෙයි. ඔහු විසින් ‘මෙසාලා’ සමඟ පෙළහර දැක්වූ තුරඟ රථ ධාවන තරඟය හා ඔහුගේ පරම සතුරා වූ ‘මෙසාලා’ හා රෝම අධිරාජ්‍යයට එරෙහිව ඇති බද්ධ වෛරය හා පලිගැනීමේ චේතනාවද, ඔහුගේ බලාපොරොත්තු සුන් බවට පත් වූ ක්‍රිස්තුස්ව කුරිසයෙන් මුදවා ගැනීමේ ප්‍රයත්නයද මෙම ග්‍රන්ථයෙහි උච්ඡ අවස්ථාව ලෙසින් දක්වා ඇත.

මෙය ක්‍රිස්තුස් ගේ කතාව ලෙසට හඳුන්වනු ලැබූවත් ක්‍රිස්තුස් ප්‍රධාන චරිතය බවට පත් නොකොට, ක්‍රිස්තු චරිතයට හානියක් නොවන අයුරින් බෙන් - හර් හා ක්‍රිස්තුස් සම වයසේ අයළුවන් ලෙස දක්වමින් කතාව මනා ලෙස ගොඩනංවා ඇත.

1959 දී තනන ලද ‘බෙන් - හර්’ චිත්‍රපටය හා එය විසින් ලබාගත් වාර්තාගත ඇකඩමි සම්මාන එකොළහ හේතුවෙන් 1960 වසරේදී නැවතත් මෙම ග්‍රන්ථයේ අලෙවිය සීඝ්‍ර ලෙස වර්ධනය විය.

Author ශ්‍රීලානි ප්‍රනාන්දු - shrilani fernando (3)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789556973211
පිටු ගණන 822
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බෙන් - හර්
Back to Top