Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බෙන් - හර්
About this book

“ලෝකයා අපගෙන් අලුත් පාඩමක් ඉගෙන ගන්නවා ඇත. එය නම් ස්වර්ගය ජය ගත හැක්කේ කඩුවෙන් නොව, මනුෂ්‍ය ඥානයෙන් නොව, විශ්වාසයෙන්, ආදරයෙන් හා යහපත් ක්‍රියාවෙන්ම පමණක්ම බවය.”

ජෙරුසලමේ වංශවත් පවුලකින් පැවතෙන යුදෙව් ජාතික ජුදා ‘බෙන් - හර්’ නම් කුමාරයා, තමාගේ ළමා වියේ මිතුරා වූ ‘රෝමානු මෙසාලා’ ගේ පළිගැනීමට ලක්ව රෝම යුධ නෞකාවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් කෙනෙකු මෙන් ධනවතෙකු බවට පත් වූ ‘බෙන් - හර්’ නැවත තම මව් බිමට පළිගැැනීමේ චේතනාවෙන් හා අහිමි වූ තම මව් හා නැගනිය සෙවීමේ අභිලාශයෙන් පැමිණෙයි. ඔහු විසින් ‘මෙසාලා’ සමඟ පෙළහර දැක්වූ තුරඟ රථ ධාවන තරඟය හා ඔහුගේ පරම සතුරා වූ ‘මෙසාලා’ හා රෝම අධිරාජ්‍යයට එරෙහිව ඇති බද්ධ වෛරය හා පලිගැනීමේ චේතනාවද, ඔහුගේ බලාපොරොත්තු සුන් බවට පත් වූ ක්‍රිස්තුස්ව කුරිසයෙන් මුදවා ගැනීමේ ප්‍රයත්නයද මෙම ග්‍රන්ථයෙහි උච්ඡ අවස්ථාව ලෙසින් දක්වා ඇත.

මෙය ක්‍රිස්තුස් ගේ කතාව ලෙසට හඳුන්වනු ලැබූවත් ක්‍රිස්තුස් ප්‍රධාන චරිතය බවට පත් නොකොට, ක්‍රිස්තු චරිතයට හානියක් නොවන අයුරින් බෙන් - හර් හා ක්‍රිස්තුස් සම වයසේ අයළුවන් ලෙස දක්වමින් කතාව මනා ලෙස ගොඩනංවා ඇත.

1959 දී තනන ලද ‘බෙන් - හර්’ චිත්‍රපටය හා එය විසින් ලබාගත් වාර්තාගත ඇකඩමි සම්මාන එකොළහ හේතුවෙන් 1960 වසරේදී නැවතත් මෙම ග්‍රන්ථයේ අලෙවිය සීඝ්‍ර ලෙස වර්ධනය විය.

ISBN
9789556973211
පිටු ගණන (Pages)
822
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බෙන් - හර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.