බාණ කුසුම් ස්වර්ණ පුස්තක සම්මාන 2021
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්රී පුතිමාවක් හරහා සිය අනන්යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්රබන්ධ නවකතාවකි.
රාමුගත ජීවිතයට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ්යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීවිතය, ලිංගික නිදහස, සදාචාර මිනුම් දඬු සහ ස්ත්රීත්වය වැනි තේමාවන් ඔස්සේ යුග දෙකක් හරහා ගලා යන නවකතාව විසින් යෝජනා කරනු ලබන්නේ සමාජයේ දකින්නට ලැබෙන අනේක විධ විවිධත්වය පිළිගැනීමේ විචිත්රත්වයයි.
බාණ කුසුම් කතුවරිය විසින් රච්ත සිව්වැනි නවකතාවයි.
ළගදීම නිකුත් වේ සූරිය ප්රකාශනයකි
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.