Back to Top
භාවනා
Special Price
රු. 252.00
Regular Price
රු. 280.00
Out of stock
SKU
bhawana-thai-bharatha-athdakim-thilaka-kudahetti-sahitha-poth
| Author | තිලක කුඩාහෙට්ටි - Thilaka Kudahetti (49) |
|---|---|
| Publisher | සාහිත පොත් පියස - Sahitha poth piyasa (102) |
භාවනා
භාවනාව යනු වනචාරී නොදැමුණු සද්දන්ත හස්ති රාජයෙකු වැනි සිත අල්ලා බැඳ තැබීමට සිත ලවා ම ගොතවනු ලබන ශක්ති සම්පන්න රැහැන් පටකි. බෞද්ධයෝ භාවනා කර චිත්ත ඒකාග්‍රතාව ඇති කොට ගෙන සමාධි වඩා ප්‍රඥාව තියුණු කොට මාර්ගඵල ලබති. යෝගීහු චිත්ත හා කාය ලාලන යෝග තුළින් කුණ්ඩලනී ශක්තිය ලබා විවිධ සෘද්ධි ප්‍රාතිහාර්යයන් පෙන්වති. ඔවුන්ගේ ජීවනාපේක්ෂාව මරණින් පසු විමුක්තියට පත් වීම ය. යෝගීන් ද කාම රාගය ජය ගෙන කෙලෙස් නැසුවත් ඔවුන්ගේ විමුක්තිගාමී වීමෙත් අපේ නිර්වාණගාමී වීමෙත් අතර වෙනස මෙම කෘතියෙන් පැහැදිලි කරයි.
මෙහිදී ඔබට හමුවන යෝගී බ්‍රමා, හුස්ම, නාඩි, රුධිර සංසරණය පමණක් නොව, හෘදය වස්තුව අක්‍රීය කර මරණයද ජය ගනී. යෝගී විසුධානන්ද අත් කාචයකින් හිරු එළිය කාන්දු කර විවිධ තනයි. මියගිය කුරුල්ලෙකුට පණ දෙයි.
අජාන් මුන් තෙරණුවන් රහත් වූ පසු භූත ලෝකයක සිට පැමිණ හඬා වැලපෙන අධ්‍යාත්මික සහකාරිය, අජාන් වොබ් හිමියන් වෙත පැමිණෙන කාමුක ස්ත්‍රී අවතාරය, උන්වහන්සේට පෙම් බඳින අප්සරාවිය, දරුණු අලි මෙල්ල කිරීම, කායිව් තෙරණියට දුක කියන ඌරාගේ හා මී හරකාගේ කතා ඇතුළත් කර ඔබ විස්මයෙන් මුසපත් කරන සේ සුන්දර බස් වහරකින් ලියා ඇති මෙය ප්‍රවීණ පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ අපූරු කෘතියකි.
| ISBN | 9789550822201 |
|---|---|
| පිටු ගණන | 118 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




