බිඳුණු කැණි මඬල
“සාරා... උඹලා දෙන්නා මටයි අර අහිංසක ගෑනිටයි සුරංගනා කතා කියලා හැමදේම ලියවා ගත්තා මදිවට කළ කී දේවල් අමතක වෙලා වගේ කතා කරන්න එපා.” - සාගර
“ඔය දෙන්නා වෙනස් වෙනවා වගේ මට පේනවා. සමහරවිට එහෙම පේන එක මගේ අඩුපාඩුවක් වෙන්න ඇති.” - මේනකා
“මේ ගෙදර වැඩකාරිනෙ කාටත් වඩා සැප විඳින්නෙ. අපේ ගෙවල් වලත් වැඩට උන් හිටියා. හැබැයි උන් හාම්පුතුන්ගෙ ඔළුව උඩට ආවෙ නෑ.” - වර්ණගේ මව
“මැඩම්ගෙ විතරක් නෙමෙයි ඔළුව ඌයියා වෙන්නෙ සර්. මේ දේවල් මෙහෙම සිද්ද වෙනකොට අපෙත් ඔළුගෙඩි ඌයියා වෙනවා.” - අමී
“ඔය කතාව අහලා මට එපා වෙලා සාරා, දෙමාපියො දරුවන්ට තමන් සතු දේවල් දෙනවා තමයි. ඒක මහා ලොකු පරිත්‍යාගයක් කියලා මට කියන්න එපා.” - වර්ණ
“අනේ නිකන් ඉන්න සාරා. තවත් සුද්ද කරනවා. වර්ණට ඕන වුණේ හැමදේම එයා අතට අරන් විකුණගෙන ඒ සල්ලිත් අරගෙන රටින් පනින්න. හොදයි. නැද්ද?” - සාරාගේ සොයුරිය
“මොනවා වුණත් වර්ණ මට ආදරෙයි. එයාට මායි දුවයි නැතිව ඉන්න බෑ. එයා ඉක්මනටම මාව ගෙන්නවා ගනීවි.” - සාරා
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.