බිහිසුණු ගමනක්
“ඉලන්දාරියා, උඹ හොඳ කොල්ලෙක් වගේ පෙනෙන නිසයි මම මෙහෙම කියන්නේ. ‘ෂෝ’ නිවස තියෙන පැත්ත පළාතේවත් යන්න එපා. ඒක උඹ වගේ කොල්ලෙකුට සුදුසු තැනක් නෙමෙයි!”
සැඩ සුළඟක් හෝ ගෙරවුම් හඬක් හෝ නොමැතිව එක්වර මුළු පරිසරයම ආලෝකවත් වූයේ අකුණු සැරකිනි. මම ඒ ඇසිල්ලෙහි අවට පරීක්ෂා කර බැලුවෙමි. පියගැට පෙළ අවසානයේ ඇති එම දොරටුව විවර වූයේ හිස් අවකාශයටය. එය මා අමු අමුවේ මරා දැමීමට එබිනීසර් ඇටවූ උගුලක් වන බව පැහැදිලිව පෙනිණි.
“නැව හැප්පුණා වගේ!” රියැච් කෑ ගැසීය.
මීදුම හේතුවෙන් නෞකාව නුදුටු බෝට්ටුවක් එහි ගැටී තිබිණි. ඉන් බෝට්ටුව දෙකට මැදින් බිඳී ගොස් තිබුණේය. එහි ගමන් ගත් එක් අයකු හැර සෙසු සියල්ලෝම අනතුරින් ජීවිතක්ෂයට පත්ව සිටියාහ.
තමාට එරෙහිව ක්‍රියාත්මක වන කෲර මිනිසුන්ගේ බිහිසුණු සැලසුම්වලින් ඩේවිඩ් බැල්ෆර් තරුණයා ආරක්ෂා වන්නේ කෙසේද?
මේ ඒ ත්‍රාසජනක වීර වික්‍රමාන්විත කතා පුවතය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.