Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බොහීමියන් දැරියෝ

බොහීමියන් දැරියෝ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කාව්‍යමය, වීප්ලවීය කතාවල තම යොවුන් විය ගෙවා දැමු දැරියෝ පළමු වරට සිය සැබෑ කතාවේ ශෝචනීය බවට මුහුණ දුන්හ. තේරුම්ගත නොහැකි ආධ්‍යාත්මිකත්වයෙන් කැලතුණහ. ව්‍යායාම කිරීමට ඇති, සමර ගෑ උස් තාප්පයෙන් වට වුණු එළිමහනට වැටෙන හිරු කිරණ පවා, වැහි බිදුවක් පවා, පියාඹන මී මැස්සකු පවා සිප ගැනීමට සිතෙන තරමට හදවත නොරිස්සුම් සහගත වීමේ රහස ඔවුන්ට නුපුරුදුය.

''ජීවත් වීම ඇතුළේ තියෙනවා ඒක දාල යන්න බැරි තරම් ලස්සනක්''

''කැරැල්ලක් පටන්ගන්න ඕනෑ ගැම්ම ඒ ඇස්වල තිබුණට, ඒක ඉවර කරන පෙනුම ඒ ඇස්වල තිබ්බේ නෑ''

''හිත රිද්දගනිද්දී තමයි දෙයක් ගැන ගැඹුරින් හදාරන්න පුළුවන්''

නිර්ව්‍යාජ යෞවනත්වයෙන්,කුලුඳුල් අනුරාගයෙන් හා අසිමීත කුතුහලයෙන් ත්‍රිමානීය වු දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත්, මහා ව්‍යසනයක ඇරඹුමත්, එකී විපර්යාසය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ ආධ්‍යාත්ම වෙනස් මඟකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකි

''බොහීමියානු දැරියෝ.''

හදවත අභ්‍යන්තරය තදින් වෙළාගන්නා සියුම් ගීතයක් බඳුව දිගහැරෙන මේ අතීත සැමැරම තුළ නිරූපිත හෘද සාක්ෂියක දෝංකාරය හා පශ්චාත්තාපය, ඒ යටින් දිවෙන මිත්‍රත්වයේ මිහිර හා ආනුභාවය මෙම කතාව පුරා විහිදී ඇත්තේ යථාර්ථවාදී හා භාවාත්මක ගෙත්තමක් ලෙසිනි.

ISBN
9789553125811
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බොහීමියන් දැරියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.