බෝට්ටු සවාරිය
"බෝට්ටු සවරිය" නමින් මේ පළවනුයේ ජෙරෝම් කේ.ජෙරොම් විසින් 1899 දී ලියා පල කරන ලද THREE MEN IN BOAT නැමැති හාස්‍යයෙන් හා උපහාසයෙන් පිරි ලෝක ප්‍රකට නවකතාවයි.
ඉතා සුළු කලක දී එංගලන්තයේ පමණක් මිලියනයකට වඩා අලෙවි වු මෙම නවකතාව අනවසර ලෙස මුද්‍රණය වී ඇමරිකාවේද මිලියනය ඉක්මවා අලෙවි වු බව කියවේ. යුරේපීය භාෂාවන් ගණනාවකට මෙන්ම ආසියාතික භාෂාවන් ගණනාවකට ද පරිවර්තනය වු මෙම කතාවේ රුසියානු පරිවර්තනය ද ඉතා ජනප්‍රිය විය.මෙහි ජර්මන් පරිවර්තනය පාසල් පොතක් වශයෙන් ද පරිශිලනය විය. ලන්ඩනයේ සිට තේම්ස් නදිය දිගේ ඉහලට බෝට්ටු සවාරියක යෙදන තරුණයන් තිදෙනෙකු මුහණ දෙන විවිධ විකාර සිද්ධි හා ඒවාට අනුබද්ධිත කතා ගණනාවක් ද රැගත් මෙම ප්‍රබන්ධය තුළින් කතුවරයා හාස්‍ය රසය හා උපහාස රසය මවා ඇත්තේ සාමාන්‍ය මිනිස් චර්යාවන් හා සිතුම් පැතුම් අතිශයෝක්ති අලංකාරයෙන් වර්ණවත් කරමිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
හොද පොතක්.හොද පොතක්. කතාව ගොඩක් ලස්සනයි. මම මේ පොතට ගොඩාක් කැමති.