බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය
යටත්විජිත යුගයේ සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික පරිපාලන නිලධාරීන්ගෙන් සිදු වූ එක් අඟනා සේවයක් වූයේ ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරිපූර්ණ විස්තරාත්මක ග්‍රන්ථසම්පාදනය කිරීමයි. Manual හෝ Gazetteer නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත්‍රික්ක පිළිබඳව ලියන ලද එවනි ග්‍රන්ථ කිහිපයක්ම එකල ප්‍රකාශයට පත් කොට තිබුණි. ඒ අතර, මධ්‍යම, උතුරු මැද, වන්නි, මඩකලපුව සහ පුත්තලම පිළිබඳව ලියවී ඇති ග්‍රන්ථ බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසය සහ එකල ජනජීවිතය පිළිබඳ ලියැවුණු මහඟු මූලාශ්‍ර ලෙස සම්භාවනාවට පාත්‍රවී ඇත.
මෙවැනි ග්‍රන්ථ අතර, ලංකා (Ceylon) සිවිල් සේවයේ නිතරව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පලාත පිළිබඳව සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිහ අතිශය දුර්ලභ ග්‍රන්ථයකි. එහි පිටපත් ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. 1893 දී මුද්‍රණය කිරීමෙන් පසු එය නැවත මුද්‍රණය කළ බවට සාධක නැත. මා මේ ග්‍රන්ථය කියවනු ලැබුවේ වර්ෂ ගණනාවක් විවිධ පුස්තකාලවල සොයා බලා අවසානයේ කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයෙනි. එයද පිටතට රැගෙන යාමට නොදෙන දුර්ලභ කෘතියක් ලෙස සංරක්ෂණ අංශයේ තබා තිබේ. ඒ අනුව බලන කල ඉතිහාසඥයකු නොවන නිමල් බණ්ඩාර මහතා මෙය සොයාගෙන කියවීම ම බෙහෙවින් අගය කළ යුතුය.
මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ-ග්‍රන්ථයක් බඳු ය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගු ය. ඛණිජ සම්පත් සහ ශිල්පීයි කර්මාන්ත පිළිබඳව මෙහි සඳහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මක ය. පැරණි විහාරස්ථාන පිළිබඳව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණ ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සඳහන් කරුණු අතිශය වැදගත් ය.
ඌව පළාත සහ එහි ස්ථාන නාම පිළිබඳව පිටස්තර ලේඛකයකුට වඩා තමා සතු පාරම්පරික දැනුම පරිවර්තකයාට සිය කාර්යය මනාව ඉටුකිරීමේ ලා මහඟු පිටුවහලක් වී ඇති බව කිව හැකිය. ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන නිමල් බණ්ඩාර මහතා සිය රාජකාරියට පරිබාහිර මෙවැනි ශාස්ත්‍රීය කාර්යයක නියැලී සිටීම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට ආදර්ශයක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
මහාචාර්ය අනුර මනතුංග
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.