හැටේ දශකයේ පළමු පුවත්පත් සඟරා අතරින් මතුවී එන කවියකු ලෙස දකින්නට ලැබුණා වදාකඩ නවරත්නයන් ක්‍ෂේත්‍රයේ දැවැන්තයකු වන්නට වැඩිකල් ගත නොවීය. ප්‍රබුද්ධ කාව්‍ය නිර්මාණ කරුවකු මෙන්ම දක්ෂ හිටිවන කවියෙක් ලෙස ද ප්‍රසිද්ධියට පත්විය. ලේඛන කලාවට ඔහු පිවිසෙන්නේ වෘත්තීය පුවත්පත් කලාවට පිවිසීමත් සමගය.
ඔහු පුවත්පත් කලාවට පිවිසෙන යුගය රට ත්‍රස්ත දේශපාලන භීෂණයෙන් පිරුණ යුගයක් විය. ඒ පසුතලය තුළම ගවේෂණාත්මක වාර්තාකරණයෙහි යෙදුන ඔහුට ඒ තුළම අත්දැකීම් සම්භාරයකින් පිරෙන්නට හැකි විය. ඔහු පොත් ලියන්නට වූයේ ඒ අත්දැකීම් සමගය. ඔහුගේ ලේඛන කලාව වඩාත් තීව්‍ර වූයේ ඒ නිසාම යැයි මට සිතේ.
වදාකඩ ඒ කාලයේ ලංකාදීපයට ලියූ "භීෂණයේ දින පොත" ඇඟ කිලිපොළවන ලිපි පෙළකි. එදා පාඨකයන් එම ලිපි කියැවූයේ පත්තරය හංගාගෙන බව අපි දනිමු. ප්‍රසිද්ධියේ බලන්නට පවා බිය වූයේ රාජ්‍ය භීෂණය ඉදිරියේ ය. ඒත් ඒවා ලියන්නට වදාකඩ බිය වූයේ නැත. අපි දන්න වදාකඩ නවරත්නයන්ගේ ලේඛන ඉතිහාසය එයයි.
ඔහු පොත් ලියන්නේ ද ඒ අත්දැකීම් ඔස්සේ ය. ඔහුගේ "වවුල් කැලේ තීන්දුව" පොතද එවැන්නකි. ඔහුගේ පෑන තුවක්කුවට වෙඩි උණ්ඩයට බයවුණේ නැත. දුප්පත්කම නැතිකරන හැටි සොයා ගිය විමුක්තිකාමියා දුටු "තෙවැනි නැගිටීම" පොතද විමුක්තිකාමයෙන් උසිගැන්වුණ පරපුරු පදනම් කරගෙන ලියන දුර්ලභ ගණයේ සමාජ කතාවකි.
තිඹිරියාගම බණ්ඩාර
එක්සත් ජාතීන්ගේ සහජීවන
කවි සංවිධානයේ ජාත්‍යන්තර ලේකම්
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.