චිත්තක්ෂණ
තමන්ගෙ මිනිහා වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා කියල අංශු මාත්‍රයක හරි හෝඩුවාවක් ලැබුණාම මුඩුක්කුවක ජීවත් වෙන ගැහැනියත් මහා මන්දිරේක ජීවත් වෙන ගැහැනියත් එකම මට්ටමකට වැටෙන බව මම තේරුම් ගත්තෙ එදා ප්‍රවීනගෙ හැසිරීමෙන්....මං හිතන්නෙ ඒකට කියන්නෙ ගැහැනුකම. ඒ වගේ වියරු හැසිරීමක් මම කවදාවත් ප්‍රවීනගෙන් දැකල තිබුණෙ නැහැ. මුලදි තිබුණේ සැකයක් වුණත් මේ වෙන කොට ප්‍රවීනා සැකයක් නැතිවම සියළු විස්තර දැනගෙන හිටියා.
මන්දීරයක් වගේ නිවස දෙදුරුම්කන තරම් සද්දෙන් වියරුවෙන් වගේ හඬා වැළපුන ප්‍රවීනගෙ සිහිකල්පනාව නැති වේගෙන එනවා වත්ද කියලත් මට මොහොතකට හිතුනා. ලියුම් කවරය ඇතුලෙ තිබුණ ඡායාරූප වලින් මගේ මුහුණට දමා ගහපු ප්‍රවීනා වියරුවෙන් වගේ මගේ කමිසයේ කොළරයෙන් අල්ලා සෙලෙව්වා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.