සංසාර ආවර්ජනා

Special Price රු. 840.00 Regular Price රු. 1,050.00
In stock
SKU
sansara-awarjana-pushpika-wijerathna-bookrack-publishers

කිහිප වරක් නරුමයින් තිදෙනා අතින් සල්ලං වූ ඇයට අසිහියෙන් වුවද තවත් වරක් ඔහු තම සිරුර මත වැටෙනු දැනුනි... තමා ඊළඟ මොහොතේ මැරෙන්නට වුව හැකි බව දනිතත් ඇය මිදෙන්නට තවත් මොහොතක් උත්සාහ කළාය. මුළු ශරීර අභ්‍යන්තරයෙන්ම නැඟ ආ ආවේගය කැටි කර ගනිමින් ඇය ඒ නරුමයාගේ උරහිස දැඩිව සපා කෑවාය. ඔහු සිටි ඉරියව්වෙන් නැඟී සිටින්නට නොහැකිව වේදනාවෙන් ඇඹරෙමින් කෑගසන්නට විය. එයින් කලබලයට පත් සගයින් දෙදෙනා කසිප්පු පොල්කටු දෙකද අතහැර වේගයෙන් ඔහුවෙත පැමිණියහ.ඔහු දෑතින් ඇගේ සිරුර පොඩි කරමින් කෑගැසුවද ඇගේ මුවින් ඔහුගේ උරහිස මිදුනෙ නැත. ඔහු ක්ශනිකව ඇයගේ සිරුර බදාගෙන මානා පඳුරු අතර පෙරලුනේ ඇයව තම සිරුර මතට ගනිමිනි. ඉන් වහා ක්‍රියාත්මක වූ සගයෙක් අසල වූ පොල්ලක් ගෙන වේගයෙන් ඇගේ හිසට පහරක් එල්ල කළේය. ඒ පහරින් වූ කම්පනයෙන් ඇගේ මුවින් ඔහුගේ උරහිස මිදුනද එයින් රුධිර දහරාවක් ගලා යමින් තිබුණි. ඇගේ මුහුණ ඔහුගේ රුධිරයෙන් නැහැවී ගොසිනි. සිහින් කෙඳිරියක් නඟමින් ඇය යලිත් පොඩිවී ගිය මානා පඳුරු ඇතිරිල්ලට ඇද වැටුනාය. ඒ හාම කෝපයට පත්වී සිටි ඔහු පසෙක තිබූ මානා පඳුරු අතරින් ඇදගත් කිණිස්සක් ඉහළට ඔසවා වේගයෙන් ඇගේ පපුව තුළට කිඳා බැස්සුවේය...

Author පුෂ්පිකා විජේරත්න - Pushpika Wijerathne (2)
Publisher බුක්රැක් ප්‍රකාශන - Bookrack Publishers (70)
More Information
ISBN 9786245663705
පිටු ගණන 188
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සංසාර ආවර්ජනා
Back to Top