Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සංසාර ආවර්ජනා

සංසාර ආවර්ජනා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කිහිප වරක් නරුමයින් තිදෙනා අතින් සල්ලං වූ ඇයට අසිහියෙන් වුවද තවත් වරක් ඔහු තම සිරුර මත වැටෙනු දැනුනි... තමා ඊළඟ මොහොතේ මැරෙන්නට වුව හැකි බව දනිතත් ඇය මිදෙන්නට තවත් මොහොතක් උත්සාහ කළාය. මුළු ශරීර අභ්‍යන්තරයෙන්ම නැඟ ආ ආවේගය කැටි කර ගනිමින් ඇය ඒ නරුමයාගේ උරහිස දැඩිව සපා කෑවාය. ඔහු සිටි ඉරියව්වෙන් නැඟී සිටින්නට නොහැකිව වේදනාවෙන් ඇඹරෙමින් කෑගසන්නට විය. එයින් කලබලයට පත් සගයින් දෙදෙනා කසිප්පු පොල්කටු දෙකද අතහැර වේගයෙන් ඔහුවෙත පැමිණියහ.ඔහු දෑතින් ඇගේ සිරුර පොඩි කරමින් කෑගැසුවද ඇගේ මුවින් ඔහුගේ උරහිස මිදුනෙ නැත. ඔහු ක්ශනිකව ඇයගේ සිරුර බදාගෙන මානා පඳුරු අතර පෙරලුනේ ඇයව තම සිරුර මතට ගනිමිනි. ඉන් වහා ක්‍රියාත්මක වූ සගයෙක් අසල වූ පොල්ලක් ගෙන වේගයෙන් ඇගේ හිසට පහරක් එල්ල කළේය. ඒ පහරින් වූ කම්පනයෙන් ඇගේ මුවින් ඔහුගේ උරහිස මිදුනද එයින් රුධිර දහරාවක් ගලා යමින් තිබුණි. ඇගේ මුහුණ ඔහුගේ රුධිරයෙන් නැහැවී ගොසිනි. සිහින් කෙඳිරියක් නඟමින් ඇය යලිත් පොඩිවී ගිය මානා පඳුරු ඇතිරිල්ලට ඇද වැටුනාය. ඒ හාම කෝපයට පත්වී සිටි ඔහු පසෙක තිබූ මානා පඳුරු අතරින් ඇදගත් කිණිස්සක් ඉහළට ඔසවා වේගයෙන් ඇගේ පපුව තුළට කිඳා බැස්සුවේය...

ISBN
9786245663705
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංසාර ආවර්ජනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.