ක්ලිෆර්ඩ් බංගලාව
About this book
මීට වසර කිහිපයකට පෙර දිශාන් එම ඈතින් පෙනෙන බංගලාව දෙස බැලීමට පවා බිය වූයේය. ඒ එම බංගලාවේ විසූ වයසක මිනිසෙකු හිටි හැටියේ අබිරහස් ලෙස අතුරුදන් වූ නිසාවෙනි. එම කාල වකවානුවේ දිශාන් හසිත්ගේ කාමරයට පැමිණියේවත් නැත. ඒ ඔහුගේ කාමරයට එම බංගලාව හොඳින් දිස් වූ හෙයිනි. ඔහු සිතුවේ එහි වාසය කළ වයසක පුද්ගලයා මියගොස් ඒ මිනිසාගේ අවතාරය බංගලාවේ සැරිසරන නිසා හසිත්ගේ කාමරයට පැමිණිය හොත් එම අවතාරය තමන්ට පෙනේ යැයි සිතූ නිසාවෙනි. කෙසේ වෙතත් කාලයක් ඇවෑමෙන් බංගලාව දුටු විට දැනෙන බිය ඔහුගේ සිතින් පහව ගොස් තිබුණි. එය හුදු මිනිස් වාසයක් නොමැතිව පාළුවට ගිය ගොඩනැගිල්ලක් බව ඔහුගේ සිත තේරුම් ගෙන තිබුණි. නමුත් එහි විසූ පුද්ගලයාට සිදුවුයේ කුමක්දැයි අදටත් අබිරහසකි.
Details
ISBN
9786246697983
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review