Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / D (ඩී) - මංජුල සේනාරත්න

D (ඩී) - මංජුල සේනාරත්න

About this book

එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි.

ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු

උත්සවශ්‍රීයෙන් වෙළී යමින් තිබුණි. නගර වැසියෝ

මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට

පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන්

ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ. 

 

මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක

ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී

පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ

සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන

සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි

වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද

ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය

කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.

 

එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ.

එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු

සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු,

ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම

අබිරහසකට පදනම දැමූහ. 

මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.

ISBN
9786245579242
පිටු ගණන (Pages)
327
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. D
    .මනුශ්‍යත්වය වෙනුවෙන් සංවේදි රෝස මලක අවසන් හුස්ම , කියවන විට ඇසට කදුලක් නැගුනෙ නැත්තම් ඔබට හදවතක් නැත
    S&S ·
Write a review
Write a review

You're reviewing: D (ඩී) - මංජුල සේනාරත්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.