දඟකාර මහල්ලා
About this book
චෞධරීගේ බැල්ම කොටියෙකු මත නැවතිනි. එක් හිතුවක්කාර සිතුවිල්ලක් ඔහුගේ මොළය තුළින් ජිරාෆ් එකෙකු මෙන් පැනගෙන පිට විය. බොම්බායේ නගරයේ මිනිස්සු බල්ලෝ බළල්ලු නම් හදනව. බල්ලන්ගේ බෙල්ලේ පටි ගැටගහගෙන ආඩම්බරයෙන් පාරවල්වල සක්මන් කරනවා. ඒ වෙනුවට කවුරුහරි කොටියගේ බෙල්ලේ පටියක් දමාගෙන ගමන් කළොත් කොහොම තියේවිද? මිස් ලිලි දම්වැලක් අතින් අල්ලාගෙන කොටියෙක් සමඟ ගමන් කරන ඔහු සිතින් මවා ගත්තේ්ය.
"නරියා විශ්වාසය තබාගනින්! මම මැරෙන්නේ නැහැ. තවමත් මම එක්සිය අවුරුදු සම්පූර්ණ කලේ නැහැ. මම උඹෙන් මෙච්චරයි ඉල්ලන්නේ. මුලාවෙලා මගේ කටට බෙහෙත් වත්කරලා මගේ ආත්මය විනාශ කරන්නෙපා.
කොටියා පිම්මක් පැන පාර දිගේ දුවන්නට විය. චිම්පන්සියා හරබංසගේ උරහිස මත හිඳගෙන සිටි. හරබංසගේ හිසකෙස් ඌ තදින් අල්ලාගෙන සිටියේය. සියළු දෙය විචිත්‍ර ලෙස පෙණුනි. කොටියා මත හරබංස, හරබංසගේ කරෙහි චිම්පන්සියා. මිනිසුන් කාර් වල කවුළුවලින්, නිවෙස් වල ජනෙල් තුළින් බලමින් සිටියහ. පාරෙහි ගමන්ගත් මිනිසුන් කොටියාව දැක පණ එපා කියමින් දුවන්නට වූහ. හරබංස සිතන්නට විය. දැන්නම් පණ ගියා. මේ කොටියා කොහේ ගිහින් නවතීවිද නොදනී.
Details
ISBN
9789556522264
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review