Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දැහැන්‍යා

දැහැන්‍යා

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
“මොනවද කතා කරන්න තියෙන්නේ. මට හිසේ කැක්කුමයි. පිරිමියෙක් එක්ක ඔය විදිහට ගෑනු ළමිස්සියක් ගෙදරකට එන සිරිතක් තියෙනවද, ඊටත් මේ වත්තේ උන්ගේ කටවල්වල හැටි නොදැනද උඹ. ආ.. කියපං සුද්දී.. හෙට වෙනකොට නැති පද හදලා උඹට කැලෑපත්තරයක් ගහයි මේකේ එකාලා. හොඳ වෙලාවට ලොකු එකා ගෙදර නොහිටියේ. නැත්තං වෙන දේ බලාගන්න තිබුණා. පලයං ගිහින් ආපු අතක් බලාගෙන යන්ඩ කියපං. මං මේ උඹට හොඳින් වගේම අන්තිමට වතාවට කියන්නේ. උඹ දන්නවනේ මේ අම්මා කිව්වොත් කිව්වා කියලා. අනික උඹ කිව්වා නේද උඹ වැඩ කරන තැන කිසි කෙනෙක් උඹ ඉන්න තැනක් දන්නේ නෑය කියලා. එතකොට කොහොමද මෙහෙම වුණේ. බයක් හැකක් නැතුව උඹ මොකටද ඒ වගේ මනුස්සයෙක් වත්තට එක්ක ආවේ. මං උඹට කතා කරන්නම් පස්සේ. දැන් ගිහින් අර මහත්තයාව පිටත් කරලා වරෙන් පලයං. කිව්වම අහලා පලයං සුද්දියේ.” රූපා දැහැන්‍යාට දිගින් දිගටම දොස් නැගුවාය. තම මවගේ ගත් ස්වභාවය මැනවින් දැන සිටි දැහැන්‍යාට ඇගේ මේ අමුතු හැසිරීම පුදුම සහගතය. ඇය හඬමින් නැවතත් පිටව ගියේ විමාශ් සොයාය. ඔහුට කුමක් පවසන්නද, දැහැන්‍යාට වේදනාවක් දැනුණාය. “දැහැන්‍යා.. මොකද මේ.. මං කිව්වේ මට අම්මත් එක්ක කතා කරන්න ඕන කියලා. කෝ ඉතිං අම්මට එන්න කියන්න. මට කතා කරලා අදම මේ ප්‍රශ්නෙ විසඳගන්න ඕනේ. කෝ ඉතිං අම්මට එන්න කියන්න. මට කතා කරලා අදම මේ ප්‍රශ්නෙ විසඳගන්න ඕනේ. ඇයි මං කියන දේ කරන්න බැරි. එන්න කියනවා අම්මට.”
ISBN
9786245409181
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දැහැන්‍යා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.