Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / දවා හළු කළ නොහැක
About this book

අපි, ලූෂන් බුලත්සිංහලට විවිධ ආකාරයෙන් ණයගැති වෙමු. අපේ ජීවිතවල ඇතැම් යුගවල දී කලකිරුණු, සුන්බුන් වූ අපේ ජීවනාශා පිළිසකර කර දී; ජීවන ලාලසා වඩා අප ව රකගනු ලැබ ඇත්තේ ඔහු ලියූ ඇතැම් ගී පදමාලා මගින් උපන් නිමැවුම් විසිනි.

මේ කතාව වනාහී ලංකා ඉතිහාසයේ මකා දැමීමට, පුළුස්සා දැමීමට, අමතක කරවීමට හා විකෘති කිරීමට උත්සාහ කළ ගුවන්විදුලියේ, රූපවාහිනියේ, ටෙලිනාට්‍යයේ හෝ වේදිකා නාට්‍යයේ යනාදී 1956 න් පසු වාර්තා රංගයේ අමිල ජවනිකා ය. ඒ ඇතැම් අතුරු කතා කල්කදුරු සේ තිත්ත ය. හලාහල විෂක් සේ දරුණු ය. ඒ ලූෂන්ගේ කතාව ම නොවේ. ලංකාවේ කතාවය. අම්මලාගේ ඉවසීමේ කතාව, තාත්තලාගේ වමේ කතාව, පාසැල් පෙම්වතියන්ගේ කතාව, කුලී ගෙවල් මාරුවේ කතාව ආදී කතා සරිත් සාගරයකි. ඔහු සිය බිළිඳු දියණියගේ අත ගෙන පාරේ ඇවිද යන විට රියසකකින් නැගි දියෙන් නැහැවී යයි. ඇදී යන රියේ සිටියේ ඔහුගේ පැරණි පෙම්වතිය යි. අපේ උණුසුම් සබඳතා අජීවී රියසක කෙසේ නම් දන්නේ ද? මේ අයුරින්, අර අප ණයගැති නිර්මාණ රත්නාවලියෙහි උපත් කතා ද ඉඳහිට ඔබට හමුවනු ඇත.

මේ ස්වයං ලිඛිත චරිතාපදාන කතුවරයා සිරිලක මෑත ඉතිහාස කාල රේඛාවේ බොහෝ දෑ සියැසින් දුටුවෙකි. 1948 නිදහස් උළෙල, 56 පෙරළිය, 71 හා 87/89 තරුණ අරගල, බණ්ඩාරනායකලාගේ ලංකාව හා ජේ. ආර්. ගේ ලංකාව, 30 අවුරුදු යුද්ධයේ ශේෂ පත්‍රය, ගාලු මුවදොර ජන අරගලය සහ මසුරන් තඹේටවත් නොදෙන ආගාධගත බංකොලොත් ලංකාව තෙක් හරස්කඩ මේ යාත්‍රික ආඛ්‍යානයේ ගැබ් ව ඇත.

දැන් ඉතින් ඔබ එය කියවමින් සිටින බැවින්; ඔහුගේ කතාව කිසිවෙකුට, කෙදිනක හෝ දවා හළු කළ නොහැකි වනු ඇත.

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

ISBN
9786245846153
පිටු ගණන (Pages)
690
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දවා හළු කළ නොහැක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.