Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත

දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත

About this book

ජවිපෙ 2වැනි කැරැල්ල 1986 සිට 1990 මුල් භාගය දක්වා පැවැති අතර, එම කැරැල්ලේ අරමුණ වූයේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකර ගැනීමේ උපාය මාර්ගික ගමන් මඟ අනුව යමින් එය ක්‍රියාවට නැඟීමය. 2වැනි කැරැල්ලේ කටයුතුවලට එරෙහි වන්නන් සතුරන් සේ සලකා සමාජයෙන් ඉවත් කිරීමටද, 1986 අවසාන භාගයේදී තීරණය කෙරිණි.

ඒ අනුව ප්‍රථම ඝාතනය වූයේ හම්බන්තොට මිද්දෙනිය ගෝනදෙණිය විද්‍යාලයේ විදුහල්පති එච්. ජයවික්‍රමය. දෙවැනි ඝාතනය වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණය. බණ්ඩාරගම හිරණ තොටුපොළ අසලදී 1986 දෙසැම්බර් 15 වැනිදා පතිරණ ඝාතනය වූ අතර, ඉන් වසර 39කට පසු එළිදකින මෙම ග්‍රන්ථය එම සිදුවීම සහ ඒ ආශ්‍රිතව පැන නැගුණු සිදුවීම් මාලාව පැහැදිලි චිත්‍රයක් සේ පාඨකයාට විවර කර තිබේ.

දිවයින පුවත්පතේ එවකට කර්තෘ මාණ්ඩලිකයකු ලෙස ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ මුල් පෙළේ නායකයන්/ක්‍රියාකාරිකයන් වෘත්තිය වශයෙන් සමීපව ඇසුරු කළ ග්‍රන්ථයේ කතුවරයා බොහෝ සිද්ධීන් සියැසින් දුටු, ඇසූ සහ වාර්තා කළ ජනමාධ්‍යවේදියෙකි.

අසූවේ දශකයට යළි පාඨක මනස යොමු කරන මෙම කෘතිය ලාංකේය දේශපාලනයේ පමණක් නොව ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාවේ නව සම්ප්‍රාප්තියක් ද සනිටුහන් කර ඇත.

වසර 1986 සිට 1990 දක්වා 60,000ක් ඝාතනයට ලක්වු ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව සම්භාවනාවට පත් වූ ග්‍රන්ථ 5 ක් සම්පාදනය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙම කෘතියේද කතුවරයාය.

ISBN
9786249438910
පිටු ගණන (Pages)
390
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.