දේදුන්න
දූවිලි පිරුණු අටල්ලේ පොළොව මත, පිළිවෙළට නැවූ කඩදාසියක් වැටී තිබිණ. එය ජර්මානු බසින් ලියැවුණු පැරණි පුවත්පත් ලිපියකි. එහි ජර්මානු හමුදාවේ නිල ඇඳුමින් සැරසුණු තරුණයින් දෙදෙනෙකුගේ ඡායාරූපයක් විය.
ඊට යටින් තිබුණු නම... ඔව්... මම ඒ නම හඳුනමි. එහෙත් ඒ ඔහු වන්නට නොහැකිය.
මකුළු දැලක පැටළුණු මැස්සෙකුව පවා බේරා යවන්නට තරම් කරුණාවන්ත වූ මගේ සීයා, සතුරු හමුදාවකට බැඳී, තමන්ගේම මිනිසුන්ට ගිනිඅවිය මෑනූ දුෂ්ටයෙකු විය හැකිද? මට ඇත්ත දැනගන්නට උවමනා විය.
අතීතය මුළුමනින්ම අමතක ඩිමෙන්ෂියා රෝගියෙකු වූ මගේ සීයාගේ ඉතිහාසය සොයා ගිය මට දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන රහසකි. තම ආදරණීයයන් වෙනුවෙන්, තම තමන්ගේ ජීවිත පරදුවට තැබූ උත්තම මිනිසුන් ගැන කතාවකි. යුද්ධය විසින් දෙකඩ කළ හදවත් දෙකක අනුවේදනීය පෙම් පුවතකි.
(විස්මිත සත්‍ය කතාවක් ඇසුරින් ලියැවුණු අනුවේදනීය නවකතාවකි.)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.