Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / දේදුනු බළකාය

දේදුනු බළකාය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

පන්ති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කර දීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූර්ව ලෙස චිත්‍රණය කරනා මේ කෘතිය රචකයාගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරනා සංවේදි අන්දරයකි.  විවිධ කුසලතාවන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැටකමින් ඒ අතරම බලය සහිත පන්තියේ නොතකා හැරීම්වලට සහ අසාධාරණයන්ට ලක් වෙමින් වුව මේ දරුවන් තම දෙපයින් නැගී සිටීමට සහ ආත්මානුකම්පාවට හෝ අපේක්ෂා භංගත්වයට යට නොවී සිය අභිමානය රැක ගනිමින් පෙරළා සමාජයට අභියෝග කරන්නට දරන තැත සමස්ත කතාවම බැඳ තබනා හුය බවට පත්ව තිබේ.

අධ්‍යාපනය අර්බුදයක් බවට පත්ව ඇති අප රටෙහි දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද මේ ඉන්දුනීසියානු දරුවන්ගේ අත්දැකීම ඉතා වටී. සාමූහිකත්වය, තමන් මත පටවනු ලබනා පරායට එරෙහිවීමට ඇති ධෛර්යය, නිර්මාණශීලිත්වය, සහෝදරත්වය, අන්‍යෝන්‍ය බැඳීම සහ ඒ සියල්ලටමත් වඩා පීඩිතයාට ස්වකීය අනාගතය පැහැබර කරගැනීමට ඇති අසීරුව විදහා පෙන්වන දේදුනු බළකාය මනුෂ්‍යත්වය වෙනුවෙන් කරනු ලබනා සංවේදී හඬ මුරගෑමකි.

මේ කෘතිය සැලකෙනුයේ කාලිඩ් හොසෙයිනිගේ සරුංගල් ලුහුබඳින්නා ඇෆ්ගනිස්ථානයට ඇති කළ බලපෑම හා සමානව ඉන්දුනීසියාවට බලපෑ නිර්මාණය ලෙසිනි.

ISBN
9786245774173
පිටු ගණන (Pages)
341
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දේදුනු බළකාය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.