Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දේශද්‍රෝහියා

දේශද්‍රෝහියා

About this book

පිස්තෝලය සූදානමින් තබාගෙන සිටිය ද එය තව දුරටත් අවශ්‍ය නොවන බැව් ග්ලැඩියේටර් යානයේ ප්‍රහාරය මධ්‍යයේ සෙබළුන් ගස් අතර සැග ව ගන්නා සැටියෙන් බිගල්ස්ට වැටහිණ. ඒ හා ම ඔහුගේ නෙත ගැටුණේ තරමක් ඈතින් කැළඹුණු අශ්වයෙකු පාලනය කරන්නට තැත් කරන අසරුවෙකි.

"වොන් ස්ටැලින්” යි බිගල්ස් තමාටම කියා ගත්තේ ය. "තරහ වැඩිකමට මිනිහගෙ දිවත් ගිලෙනව ඇති”

Details
ISBN
9786246416065
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ගුවන් වික්‍රම
    බිගල්ස්වර්ත් ගුවන් වික්‍රම 16

    දේශද්‍රෝහියා - Biggles Sees it Through

    " නැගෙනහිර දෙසින් පහතින් පැමිණෙන බෝම්බ යානාවල බර ගෙගුරුම් හඬ ඇසෙන විට බිගල්ස් සිටියේ යානයට නැගෙන්නට සැරසෙමිනි. මුලින් ඒ නිසල වාතය තුළ නැගෙමින් බස්නා මද හඬක් වුවද , ක්‍රමයෙන් එය වර්ධනය වී තමා දෙසට පැමිණෙන්නාක් මෙන් නියමුවන්ට හැඟුණේ ය. "

    ආධුනික ගුවන් නියමුවකු ලෙස රාජකීය ගුවන් හමුදාවට බැඳෙන ජේම්ස් බිගල්ස්වර්ත් පසුව ගුවන් හමුදාවේ ඉහළ තනතුරු දක්වා උසස්වීම් ලබයි. මෙහි දැක්වෙන්නේ ලෝක යුද්ධ සමයේ ෆින්ලන්තය වෙනුවෙන් මෙහෙයුමක නිරත වන අතර හමුවූ රහස් ලියවිලි සම්බන්ධ ගවේෂණයක බිගල්ස් , ඇල්ගි සහ ජින්ජර් නිරත වන කතා පුවතකි.

    "පිස්තෝලය සූදානමින් තබාගෙන සිටියද එය තව දුරටත් අවශ්‍ය නොවන බැව් ග්ලැඩියේටර් යානයේ ප්‍රහාරය මධ්‍යයේ සෙබළුන් ගස් අතර සැඟවගන්නා සැටියෙන් බිගල්ස් ට වැටහිණ. ඒ හා ම ඔහුගේ නෙත ගැටුණේ තරමක් ඈතින් කැළඹුණ අශ්වයකු පාලනය කරන්නට තැත් කරන අසරුවෙකි.

    වොන් ස්ටැලින් !! බිගල්ස් තමන්ටම මුමුණා ගත්තේ ය. "

    මෙම කතා මාලාවේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය යුධ හෝ රහස් පරික්ෂණ කතා වල දක්නට නොලැබෙන ගුවන් සටන් ඇසුරින් රචනා කර තිබීමයි. දැනට මෙම පොත් මාලාවේ පොත් 18 ක් සිංහලයට පරිවර්තනය කර ඇති අතර ඉන් 16 ක් පී.බී. සේනානායක මහතා විසින් ද, Biggles in the Orient කෘතිය රහස් අවිය නමින් නිමල් දිසානායක මහතා විසින් ද , Biggles flies South නම් කෘතිය අබිරහස් ක්ෂේම භූමිය (E book) නමින් දිලිප් ප්‍රසන්න විසින් ද සිදුකර ඇත.

    ශානරය - නවකතා
    රචනය - කැප්ටන් W.E. ජෝන්ස්
    පරිවර්තනය - පී බී සේනානායක
    ප්‍රකාශනය - තරංග ප්‍රකාශන
    මුද්‍රණය - 2023 (පළමු )
    පිටු - 203
    මිල - රු. 700.00

    සටහන
    රංග යුදාර
    2023.09.28
    Ranga Yudara ·
Write a review

You're reviewing: දේශද්‍රෝහියා

Reviews are published once a member of our team has read them.