දෙසුම් දහයක්

Special Price රු. 1,170.00 Regular Price රු. 1,300.00
In stock
SKU
desum-dahayak-sunil-wijesiriwardhana-vidarshana-publishers

දෙසුම් දහයක් සමාජ විමුක්තිය
පිළිබඳ කලා - සංස්කෘතික සහ
සමාජ-දේශපාලනික ප්‍රවාද හා
ආලෝචන නමින් වූ මෙම ග්‍රන්ථය
තුළ 1996 සිට 2024 දක්වා වූ දශක
තුනකට ආසන්න කාලයක් තුළ
කතුවරයා විසින් පවත්වන ලද
මහජන දේශන හා ශාස්ත්‍රීය දේශන
අතරින් තෝරාගත් දෙසුම් දහයක
පිටපත් එකලස් කොට තිබේ. ඒවා
තෝරාගෙන ඇත්තේ ඔහුගේ
බුද්ධිමය මැදිහත්වීම් හා සමාජ
ක්‍රියාකාරිත්වයට අදාළ ප්‍රධාන
භූමියේ හරස්කඩක් නියෝජනය
වන ආකාරයටය. සංස්කෘතික
භූමිය වඩා යහපත් සමාජයක්
සඳහා ප්‍රමුඛ අරගල බිමක් වේ' යන
ප්‍රවාදය සමාජ විමුක්ති සංවාදය
තුළට ගෙන ඒමේ අරගල
ඉතිහාසයක් ගැන තොරතුරුද
මෙයින් කියවා ගත හැකි නමුත්
මෙහි විෂය වපසරිය වඩා පුළුල්ය.
නූතන විද්‍යාවේ ඥානමීමංසාත්මක
රාමු අතික්‍රමණය කරන්නා වූ
දාර්ශනික ප්‍රවේශයක සිට සාමකාමී
ලෙස සමාජ පරිවර්තනය කිරීම
සඳහා වූ භව්‍යතා දක්වා වූ පරාසයක
ප්‍රවාද සහ ධාරණා කතුවරයා මෙ
ලා පාඨකයා වෙත ඉදිරිපත් කරයි.

 

Author සුනිල් විජේසිරිවර්ධන - Sunil Wijesiriwardhana (10)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (210)
More Information
ISBN 9786245546848
පිටු ගණන 273
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දෙසුම් දහයක්
Back to Top