Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / දෙවිනුවර
About this book

අභිෂේක් යසස්ථි රන්දෙණිය නම් අයෙකු විසින් විවිධ ඉතිහාස කරුණු පදනම් කොට සමාජමාධ්‍ය ජාලයේ වරින්වර පල කරන ලද ලිපි කිහිපයක් දෙස මම උනන්දුවෙන් බලා සිටියෙමි. ඒ අතරතුර සිය පර්යේෂණ ග්‍රන්ථයට පසුවදනක් සැපයීම පිණිස ඔහුගෙන් ම ඇරැයුමක් ලැබීම මසිත සතුටක් ඇති කරවයි.

දෙව්නුවර ඓතිහාසික පුජාභූමිය අළලා සම්පාදිත මේ පර්යේෂණ වියමන මහත් අවධානයෙන් යුතුව කියවා බැලීමි. එය දේවනගරය සම්බන්ධ සාහිත්‍යයික, පුරාවිද්‍යාත්මක, ජනශ්‍රැතික, වාග්විද්‍යාත්මක හා භූගෝලවිද්‍යාත්මක ප්‍රකට, අප්‍රකට ප්‍රවෘත්ති සමූහයක් මනා සංයමයකින් ගලපනු ලැබීමේ නියත ඵලයක් වෙයි ජීවවෛද්‍යවිද්‍යාව හදාරන, තවමත් දෙවිසි වියෙහි පසුවන තරුණයෙකුගේ මංගල ශාස්ත්‍රීය ප්‍රවේශය මෙතරම් අර්ථසම්පන්න වීම පූර්ව වාසනාගුණයෙන් තොරව කෙසේ නම් සමෘද්ධ විය හැකි ද? මෙහි බස මනරම් ය. ගලනය සුමට ය. මූලාශ්‍රය හඹා යාම හා ඉන් උකහා ගත හැකි දෑ උපරිමයෙන් අත්පත් කර ගැනීමට දක්වා ඇති කුසලතාව සැබෑ පර්යේෂකයකුගේ ඡායාව මතු කරවන සුලු ය. සියුම් අර්ථ ජනනයෙහි ලා පොහොසත් ය.

වර්තමාන ලාංකේය ශාස්ත්‍රීය ලෝකයේ සිදුව ඇති පරිහානිය නිබඳව අත්දකින මට අභිෂේක්ගේ ආගමනය අස්වැසිල්ලක් වෙයි. ශික්ෂණයකින් යුතුව මුලාශ්‍රය පරිශීලනය කරන්නවුන් මෙන් ම නිරවුල් ලේඛනකරණ යෙහි යෙදෙන්නවුන් ද මෙකල බෙහෙවින් දුර්ලභ බැවිනි. ඉවසීම හා මනා සංයමයත්, විචක්ෂණභාවයත්, මූලාශ්‍රයට වඩා සමීපවීමත්, ආවේගවලට යටත් නොවීමත් සහිතව සිය ගමන මෙහෙයවිය හැකි වන්නේ නම් මේ තරුණයා සම්බන්ධයෙන් අපට මහත් බලාපොරොත්තු තබා ගත හැකි බව මට නිසැක ය. වසර හතක ඔහුගේ පර්යේෂණ දිවියට සුබ පතන අතර, අපගේ ශාස්ත්‍රීය ලෝකයට ඔහුව සාදරයෙන් පිළිගැනීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි

 

ආචාර්ය ඉෂංඛ මල්සිරි

පුරාවිද්‍යා අධ්‍යයන අංශය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

හෝමාගම

 

 

මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙවිනුවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.