Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ධූම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ස්වා..සි..."

තෙහස්ගේ ගැඹූරු හඬ සිය සවන අසලින් ම ඇසෙද්දී වේව්ලා ගිය යුවතිය සුරත් අත්ල කඳ මත තබාගෙන නියවලින් එය සූරන්නට පටන්ගත්තා ය. දෙවියනේ.. තමන් මේ තරම් අනුවණ වූයේ කෙසේද?

ඇගේ අතැඟිලි මතින් සිය අතැඟිලි තැබූ තෙහස් ඒවා සිය ග්‍රහණයට ගත්තේ ඒවා තුවාල වේ යැයි බියෙනි.

"මට ඉන්න දෙන්න පාඩුවේ..” යුවතිය මිමිණුවේ කඳුළින් බරවූ නෙතිනි. "මටත් ඉන්න දෙන්න පාඩුවේ.. ඔය ඇස් මාව පුච්චනවා..”

තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන් මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියූව වටහා ගත නොහැකි සේ ය. ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දැස ඉතාමත් ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය.. ඇගේ පිරුණු කොපුල්වලට අයිතිකාරයෙක් නැති හැඩ ය. ඒවා මත කිසිදු සලකුණක් නැත. තෙහස්ගේ සිතට නැගුණේ දැඩි ලෝභී හැඟීමකි. වෙව්ලන රෝස පැහැ ඈ දෙතොල තමාට කරන්නේ ආරාධනාවකි.

තෙහස් ඈ දෙතොල් දෙසට නැඹුරු වද්දී ම මහ හඬින් අකුණක් පුපුරා ගියේ අසල වූ ගසක අත්තක් බිමට පතිත කරමිනි. එයින් මහත් සේ බියට පත් යුවතිය තෙහස්ගේ උරහිස් අතර මුහුණ සගවා ගත්තේ අධික භීතියකිනි. සිය හැඟුමන්වලට ඉඩ නොදුන් ප්‍රචණ්ඩ කාලගුණයට තෙහස් සිතින් බැණ වදින්නට විය. පරිසරය ම ඝන මන්දාරමකින් වෙළා ගෙන තිබිය දී සුළි කුණාටුවක් සේ ඇද හැළෙන වර්ෂාව දෙස තෙහස් බලා සිටියේ එක්වර ම මෙවැනි අයුරින් වර්ෂාව – ප්‍රචණ්ඩ වූයේ මන්දැ'යි සිතාගත නොහැකිව ය.

ISBN
9786246523008
පිටු ගණන (Pages)
358
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ධූම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.