Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / දිරිය දියණි - සරසවි ප්‍රකාශන

දිරිය දියණි - සරසවි ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

යොවුන් නවකතාව යොවුන් සිතට ආලෝක ධාරාවක් විය යුතුය. යොවුන් නවකතාව යෞවනයන්ට සැබෑ ගුරුවරයෙක් විය යුතුය. යොවුන් නවකතාවෙන් ආලෝක ධාරාවක් නිකුත් නොවන විට, කතාකරු කරන්නේ පව් රැස් කිරීමකි. සිතෙහි සිඳී ගිය වීර්යය පණ ගන්වා යොවුන් සිත දිරිමත් කර යහපත් ලෝකයක් ඔවුන් ලවා ගොඩනැංවීමට යොවුන් නවකතාවට ශක්තියක් තිබේ. එය වටහා ගත් යොවුන් ලේඛිකාවක් අපට මෙම “දිරිය දියණී” යොවුන් නවකතාවෙන් හමුවේ. යමක් කමක් ඇති පවුලක එකම දුව ශිෂ්‍ය නේවාසිකාගාරයේ අනෙක් ශිෂ්‍යාන්ට මහත් හිසරදයක් වෙයි. දඩබ්බර ජීවිතයක් ගත කරන ඇගේ කුරිරුකම් ශිෂ්‍යාවන්ට ඉවසුම් නොදෙයි. එම ශිෂ්‍යාවගේ මව හදිසියේ මිය යයි. පියා නිවසට සුළු මවක් ගෙන එයි. මව නැති වීමත් සමඟ ඇගේ ලෝකය වෙනස් වෙයි. දයාව, කරුණාව වටහා ගනියි. ඇයට ඉතා යහපත් ජීවිතයක් උරුම වෙයි. ඇයට රටට වැඩදායක කාන්තාවක් වෙයි.

මෙම කතා පුවත ළගන්නා ලෙස රස මුසුව රංජනී ලියනගේ ලේඛිකාව ඉදිරිපත් කරයි. කතුවරිය මුළු මහත් අනාගත පරපුර පිළිබඳව සිය හදවතේ ඇති අසිරිමත් ස්නේහය මේ කෘතිය මඟින් මුදා හරී. මෙය අපේ යොවුන් පරපුරට සැබෑ ආලෝක ධාරාවක් වනු නියතය. දරුවන්ට අහිංසක රසාස්වාදයක් සැපයූ ළමා පොත් හතරක් ලියා පළ කර ඇති මේ ලේඛිකාවගේ සිව්වන නිර්මාණයයි.

දෙනගම සිරිවර්ධන

ISBN
9789553106131
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිරිය දියණි - සරසවි ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.