Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දූලි පින්තාරු

දූලි පින්තාරු

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
එදා අහස වැස්සකට බරකර තිබුනේය. එක දිගට මාස ගණනක උණුසුම විඳිමින් තිබූ ගහකොළ හා සුර්ය රශ්මියෙන් දැවෙමින් තිබු කොළඹ නගරයේ ගොඩනැඟිලි පවා තෙතමනයක්, සිසිලසක් බලාපොරොත්තු වෙමින් සිටියේය. මම බම්බලපිටියේ සාප්පු සංකීර්ණයක් අසබඩ පහල පටු වීදියක ගමන් කරමින් සිටියෙමි. දුවිල්ලෙන් ගහනය වී තිබූ සුඛෝපභෝගී රථ පෙළක් ඒ පටු මාවතේ විණ. උඩුකය නිරුවත් මුහුණේ හොටු කබ පිරුණු කිලිටි සිඟිත්තියක ඒ වාහනයේ දුලි මත සිත්තමක් කරමින් සිටියාය. එදවස නම් මා ජගත් ලේඛක වික්ටර් හියුගෝගේ 'ලේ මිසරාබේ' කියවා, එහි චරිත කිහිපයක් අපුටා ගෙන එයින් නැවතත් කළ ප්‍රතිනිර්මාණයට නමක් සොයමින් සිටි කාලයයි. මා සිඟිත්තිය අසලට ළං ළං වන කල ඇය සිතුවම ඇඳීම නතර කොට බියගත් නෙතින් වාහනයට සැඟවී පාත් විණි. ඇය කාරයේ බිත්තියක ලොකු රවුමක් ඇඳ ඒ මත තිත් තබා තිබුණි. බබා? ඔයා මේ මොකක්ද ඇන්දේ? මම ඇය සැඟවී සිටි තැනට එබී ඇසීමි. ඇය සිහින් හඬින්, බිම හාරමින් තෙපලමින් කීවාය. "බනිත් ගෙදියක්" එදා මමත්, ඇයත් බම්බලපිටිය මැජස්ටික් සාප්පු සංකීර්ණය ඉදිරියේ ඇති සරස්වතී භවාන්හිදී දිවා ආහාරය ගතිමු. අවසන කුඩා ගවුමක් ද හිමි වු ඇය මගෙන් සමුගත්තා ය. එදවස, මට මගේ ජීවිතයේ අපූරු සිහිවටනයක් වුණාසේම, මම ගෙදර විත් මගේ ලියන මේසය මත වූ අර ප්‍රතිනිර්මාණයට නමක් තැබීමි. දුලි පින්තාරු
ISBN
9789556771237
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණය නවතා ඇත - Out of Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දූලි පින්තාරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.