My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
ඊළග මොහොතේ තවත් සිදුවීමක් සිදුවිය. අහස දෙබෑකරගෙන අකුණක් පැනනැංගේ ය. එම අකුණේ තද රිදී පැහැ එළියෙන් ජානොස්ගේ දෙනෙත් මොහොතකට නිලංකාර විය. එම අකුණ වැදුනේ මාලිගාවේ මුදුන් වහලයේ කෙළවරකට වන්නට ඇති බවට ජානොස් අනුමාන කළේ එක් මොහොතකදී දැනුණ ඒ ගිගිරුම් කම්පනය බිම් මහල පුරාවටම පැතිර ගිය හෙයිනි. ඒ සමගම තවත් සිදු වීමක් සිදුවිය. වහලයේ මුදුනට වැදුණු අකුණ මායාවී බලයකින් මෙන් බිම් මහල වෙත ඇදී ආවා ය. එම අකුණ කෙලින්ම වීදුරු පෙට්ටිය මත පතිත වූයේ වීදුරු පෙට්ටියේ ඉතිරි වී තිබූ කොටස කැබලි දහසකට සුණු විසුණු කර දමමිනි. මහා ගිනි ජාලයක් මැද පෙට්ටියේ කොටසක් කඩාගෙන වැටෙද්දී එම ස්ත්‍රිය වේදනාවෙන් ඇඹරෙමින් පෙට්ටිය මතින් නැගිට වාඩිවූවා ය. ගිනිදැල් ඇය වටා බුරබුරා නගිද්දී ඇය නැගූ මරලතෝනිය ඊළඟ හෙණ හඬින් මැකී ගියේ ය.
Author | ජයශංඛ කරුණාරත්න - Jayashankha Karunarathne (15), Robert Lory (1) |
---|---|
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (627) |
ISBN | 9786245711123 |
---|---|
පිටු ගණන | 208 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |