ඩ්‍රැක්‍යුලා ශාපලත් අඩවිය
ඊළග මොහොතේ තවත් සිදුවීමක් සිදුවිය. අහස දෙබෑකරගෙන අකුණක් පැනනැංගේ ය. එම අකුණේ තද රිදී පැහැ එළියෙන් ජානොස්ගේ දෙනෙත් මොහොතකට නිලංකාර විය. එම අකුණ වැදුනේ මාලිගාවේ මුදුන් වහලයේ කෙළවරකට වන්නට ඇති බවට ජානොස් අනුමාන කළේ එක් මොහොතකදී දැනුණ ඒ ගිගිරුම් කම්පනය බිම් මහල පුරාවටම පැතිර ගිය හෙයිනි. ඒ සමගම තවත් සිදු වීමක් සිදුවිය. වහලයේ මුදුනට වැදුණු අකුණ මායාවී බලයකින් මෙන් බිම් මහල වෙත ඇදී ආවා ය. එම අකුණ කෙලින්ම වීදුරු පෙට්ටිය මත පතිත වූයේ වීදුරු පෙට්ටියේ ඉතිරි වී තිබූ කොටස කැබලි දහසකට සුණු විසුණු කර දමමිනි. මහා ගිනි ජාලයක් මැද පෙට්ටියේ කොටසක් කඩාගෙන වැටෙද්දී එම ස්ත්‍රිය වේදනාවෙන් ඇඹරෙමින් පෙට්ටිය මතින් නැගිට වාඩිවූවා ය. ගිනිදැල් ඇය වටා බුරබුරා නගිද්දී ඇය නැගූ මරලතෝනිය ඊළඟ හෙණ හඬින් මැකී ගියේ ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.