Back to Top
සොහොන් පිල්ලුව
Special Price
රු. 675.00
Regular Price
රු. 750.00
In stock
SKU
sohon-pilluwa-jayashankha-karunarathna-dayawansha-jayakodi
හැමිල්ටන්ගේ අසළ වූ රන් බඳුනක් තුළට සිය දෑත් ඔබා විවේකී ඉරියව්වකින් සෝදා පිටතට ගත්තේය. ඉන් අනතුරුව මැණික් එබ්බවූ මිටක් සහිත කිණිස්සක් සුරතට ගත් ඔහු අල්තාරය දෙසට පියමනින්නට විය.
“එපා!”
බෙර හඬ අතරින් කිසියම් විලාප හඬක් නැගුණි.
හැමිල්ටන් වහා ආපසු හැරුණේය. සිල්වියා තමා බැඳ දමා සිටි ඉරියව්වෙන් මඳක් පසෙකට හැරී අල්තාරයෙන් පසෙක දිවයන උමඟ දෙසට සිය නෙත් යොමුකළාය.
එවිට ඇයට දැකගත හැකිවූයේ පීටර් පතල් උමග දිගේ තමා දෙසට දිව එන අන්දමය. නමුත් ඔහුට ඇය අසළට ළඟාවීමට නොහැකි විය. තරුණ යක්‍ෂයින් කිහිප දෙනෙක් ඔවුන් අසළ සිටි පිල්ලි අතහැර දමා ඉදිරියට දිව එමින් සිටි පීටර් සිය ග්‍රහණයට ගත්තෝය. පීටර් උමතු වූවකු මෙන් ඔවුන් සමග සටන් කළමුත් තරුණ යක්‍ෂයන් ගණනින් විශාල විය.
| Author | ජයශංඛ කරුණාරත්න - Jayashankha Karunarathne (16) |
|---|---|
| Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (653) |
| ISBN | 9786246722029 |
|---|---|
| පිටු ගණන | 159 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




