Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සොහොන් පිල්ලුව

ප්‍රවර්ග (Genre): ත්‍රාසජනක සහ භීෂණ
About this book

හැමිල්ටන්ගේ අසළ වූ රන් බඳුනක් තුළට සිය දෑත් ඔබා විවේකී ඉරියව්වකින් සෝදා පිටතට ගත්තේය. ඉන් අනතුරුව මැණික් එබ්බවූ මිටක් සහිත කිණිස්සක් සුරතට ගත් ඔහු අල්තාරය දෙසට පියමනින්නට විය.

“එපා!”

බෙර හඬ අතරින් කිසියම් විලාප හඬක් නැගුණි.

හැමිල්ටන් වහා ආපසු හැරුණේය. සිල්වියා තමා බැඳ දමා සිටි ඉරියව්වෙන් මඳක් පසෙකට හැරී අල්තාරයෙන් පසෙක දිවයන උමඟ දෙසට සිය නෙත් යොමුකළාය.

එවිට ඇයට දැකගත හැකිවූයේ පීටර් පතල් උමග දිගේ තමා දෙසට දිව එන අන්දමය. නමුත් ඔහුට ඇය අසළට ළඟාවීමට නොහැකි විය. තරුණ යක්‍ෂයින් කිහිප දෙනෙක් ඔවුන් අසළ සිටි පිල්ලි අතහැර දමා ඉදිරියට දිව එමින් සිටි පීටර් සිය ග්‍රහණයට ගත්තෝය. පීටර් උමතු වූවකු මෙන් ඔවුන් සමග සටන් කළමුත් තරුණ යක්‍ෂයන් ගණනින් විශාල විය.

Details
ISBN
9786246722029
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සොහොන් පිල්ලුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.