Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / රූපකතා ඉතිහාසය

රූපකතා ඉතිහාසය

About this book

අපූරු අත්දැකීමක් පදනම් වූ පමණින් කලාකෘතියක් සාර්ථක වන්නේ නැතැයි කියනු ලැබේ. මන්ද අත්දැකීම සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳව අර්ථාන්විත භාවයක් ද තිබිය යුතු නිසාය.

හුදු විනෝදාස්වාදය යන තිඹිරි ගෙයින් බිහිවුණු කොමික් හෝ චිත්‍රකතාව හැමවිටම අපූරු අත්දැකීමක් හෝ පරිකල්පනයක් පදනම් කොටගත්තද අර්ථාන්විත භාවයෙන් දුගී වීම ලෝක පරිමාණයෙන් වුව එහි දැකිය හැකිව තිබූ ජානමය ලක්ෂණයක් විය.

මේ නුගුණයෙන් සමන්විත පරමාදර්ශී යථාර්ථයක් (Idealized reality) මවමින් එහි වාසය කළ සුපර් මෑන්ගේ පටන් යුනිකෝ දක්වා වූ සියලූම වීරයන් අභිබවා නැගී සිටි සුසිල් ප්‍රේමරත්න, බන්දුල හරිශ්චන්ද්‍ර, දයා රාප්පක්ෂ, ජනක රත්නායක, ලීලාරත්න වැනි වීරයෝ මෙහිදී කුඩා සහ යොවුන් අපගේ පාඨක රුචියද ප්‍රඥාවද පෝෂණය කළහ. බොහෝ දෙනා විසින් වුවමනාවෙන්ම මෙන් අමතක කරන ලද මේ සුවිශේෂී සාහිත්‍යාංගය පිළිබඳව ජයශංඛ කරුණාරත්න ඉදිරිපත් කරන මේ කියැවීම, වර්තමානය ඉතිහාසය බවට පත්වන දිනයක මීට වඩා බොහෝ සෙයින් වැඩි අවධානයක් දිනාගනු ඇත.

ජයන්ත චන්ද්‍රසිරි

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ

Details
ISBN
9786245658893
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: රූපකතා ඉතිහාසය

Reviews are published once a member of our team has read them.