දූවිල්ලෙන් උපන් දරුවෝ
සෙබළෙකුට හා වියට්නාම් යුවතියකට දාව උපන් මේ දෙමුහුන් හෙවත් ඇමෙරේසියන් දූ පුතුන් නින්දා, අපහාස මධ්‍යයේ සිය අක්මුල් සායා යන්නේ මොනයම් හෝ හව්හරණක් පතාය. ඉන් බොහෝ දෙනෙක් පෙරළා නන්නත්තාර වූ ජීවිත කරාම වැටෙති; සුළු පිරිසක් අනන්‍යතාවයක් ලැබ අලුත් ජීවිතයක අසිරිය උරගා බලති.
මෙහි එන කතානායකයා ෆොන්ග්ය ඇමෙරිකානු සිහිනය මැද අතරමං වූවෙකි. එහෙත් ඔහු හැලහැප්පිලි, රැවටීම්, පසුතැවීම් අවසනැ ජීවිතය සොයාගනී. තුරුණු වියේදීම යුදබිමේ කුරිරු අත්දැකීම් ලැබ පශ්චාත් මානසික කම්පනයකින් පෙළෙන ඇමෙරිකානු ගුවන් නියමු ඩෑන් හතළිස් වසරකට පසු පෙරළා වියට්නාමය කරා එයි. ඒ සිය පැරැණි පෙම්වතිය හා දරුවා සොයාගෙනය.
රුදුරු යුද සංස්කෘතිය විසින් හද්දා පිටිසර ගැමි ජීවිතද ගිලගන්නා අයුරු ඇදහිය තරම්ය. නව යෞවනයේ පසුවෙන නොහැකි ෆ්‍රෑන්ග් හා ක්වීන් දෙසොහොයුරියන් අපට පසක් කර දෙන්නේ එම සත්‍යයයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.