Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඒ මගේ සඳයි

ඒ මගේ සඳයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මතු පිටින් ලෝකෙට පේන ජිවිත ගොඩක් ඇතුලෙන් ගිනි අරන් දැවෙනවා මිස් මන්දෝදරී..."

යශ්වින්ගේ දෑසේ ආකර්ෂණයට නතු වූ යුවතිය අත්වැට අතැර සෙමින් පසුපසට ගියේ ඔහු සෙමින් ඈ වෙත ළං වද්දීය. කිසිවෙකු නොමැති පාලු වූ බැල්කනියේ මහසයුරේ තනිය දෙදෙනා මකන සෙයකි. අඩවන් වූ දෑසින් යශ්වින් සුරත බිත්තිය මත තබා ඈ වෙතට නැඹුරු වූයේ නාද්‍යා බියටම වෙව් ලමින් බිත්තිය පුපුරුවා ගෙන යෑමට වෙර දරද්දීය.

" මිස් මන්දෝදරීට හැමදාම රෑට තනියම නිදන්න වෙන්නෙ නෑ. දවසක මිස් මන්දෝදරීගෙ අයිතිකාරයා ළං වුණාම අන්ධකාරෙන් මිස් මන්දෝදරී ආලෝකයට එනවා.

” නාද්‍යා හිස ඔසවා ඔහු දෙස බලාගත් වනමය. මුහුදු සුළං රටාවක් ඇගේ දෙතොල් මතට ළං කළ කෙහෙරැල්ලක් යශ්වින් සීරුවට සිය සුළැගිල්ලෙන් යුවතියගේ කන පිටුපස රැඳවූයේය. යුවතිය ආයාසයෙන් මුව විවර කළාය.

‘“එ.. එයා... ඉර වගේ සර්... මට කවදාවත් ළං වෙන්න...බෑ...

ළං වෙන්න හදන්නත් එපා....පිච්චිලා අලුවෙලා දැවිලා යයි. මිස් මන්දෝදරී විනාස වෙයි...’

” යශ්වින් හඬ බාල කර ප්‍රබල ලෙස පවසන්නේ නාද්‍යා ඔහුගේ බැල්ම දරනු නොහැකිව බිම බලද්දීය. ප්‍රේමයේ වේදනාව ඔහුට නොදැනෙන සෙයකි. තමා පවසන හිරු ඔහු බව ඔහුට වැටහෙන සෙයකි. ඔහු නොකියා කියන කතා සියල්ලේ තේරුම ඔහුට ළං නොවන ලෙසට කරන අනතුරු ඇගවීම්ද? යුවතිය සෙමින් සිත සමග තර්ක කරයි.

ISBN
9786245626236
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඒ මගේ සඳයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.