එක් ගිම්හානයක
වෘත්තියෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් වූ රොබට් වොලර් මහතා විසින් 1992 දී පළ කරන ලද මේනවකථාව එදා සිට අද දක්වාම ඉතා විශාල අලෙවි වාර්තා තබමින් ලොව පුරා තවමත් අලෙවිවෙමින් පවතී. මුළු මහත් නවකථාඉතිහාසයම තුළ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ නවකථා විසිපහ අතරට මෙය පැමිණ තිබීමෙන් එහි ජනප්‍රියතාව මනාව පැහැදිලිවේ. 1995 දී මෙම නවකථාව ඇසුරින් එනමින්ම නිපැයුණු සිනමා පටයද අතිශය ජනප්‍රිය විය.
"කින්කෙඩ් පැවසූ, ඒ කාන්තාවත් ඔහුත් වටා ගෙතුණු කථාව හැමදාමත් මාව සියුම්ව කම්පනයට පත් කරනවා. පුරුද්දක් විදිහට මම හැම අගහරුවාදා රාත්‍රියකමමගේ සැක්ෂෆෝන් එක පෙට්ටියෙන් එළියට අරගෙන මා ඔහු වෙනුවෙන් ලියපු අර තනුව වාදනය කරනවා. ඇත්තෙන්ම මම ඒකමෙහි ඉඳන් මා වෙනුවෙන්ම වාදනය කරගන්නවා කීවත් හරි.
මොකක් හරි නොදන්නා හේතුවක් හින්දා, වාදනය අතරේ මගේ ඇස්දෙක නිතරම ඔහු දුන්නු අර පාලමේ පින්තූරය අසල නවතිනවා. හේතුව කියන්න හරියට මම දන්නේ නැහැ. නමුත් වාදනය අවසන්වෙනකම් මට මගේ ඇස් දෙක ඒ පින්තූරෙන් ඉවතට ගන්න බෑ.
හරියටම මෙන්න මෙතන හිටගෙන, මම ඔහුට ලියපු තනුව මගේ සැක්ෂෆෝනයෙන් ඔහුටත්, ඔහු 'ෆ්‍රැන්චෙස්කා' නමින් හැඳින් වූ කාන්තාවටත් ඇසෙන සේ වාදනය කරනවා......"
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
★★★★★ හදවතට දැනුනු කතාවක්හදවතට දැනුනු කතාවක්
-
ඔබ මා මෙන්ම විරාගය, මළවුන්ගේ අවුරුදු දා හෝ ගුරුගීතයට පෙම් බදීනම් මෙය අනිවාර්යෙන්ම කියවන්නකලකට ඉහත ITN නාලිකාවේ මෙම සිනමා පටය විකාශනය වූ අතර එය නැරබූ මමත් මගේ සැමියාත් අමන්දානන්දයට පත්වූවෙමු. මෙවර පොත් ප්රදර්ශනයේ දී මෙම වෘතාන්තය පොතක් ලෙස සිංහලට පරිවර්තය තිබෙන අයුරු අහම්බෙන් මෙන් මගේ නෙත ගැටුන අතර, දෙවරක් නොසිතා මම එය මිලදී ගතිමි. මුළු කතාවම එක හුස්මට පැය දෙකක පමණ කාලයකින් කියවා අවසන් කල අතර, පරිවර්තනය ඉතා රසවත් බව කිව යුතුමය.
කියවා අවසන් වූ පසුත් මෙය කුමන වර්ගයකට අයත් නව කථාවක් දැයි තවමත් මට සිතාගත නොහැක. විටෙක එය සුන්දර ආදර කතාවකි, විටෙක ජීවිතය විනිවිද දක්නා ආත්ම විග්රහයකි, නැතිනම් අප තුලම ලියවී ඇති ගීතයකි...
ඔබ මා මෙන්ම විරාගය, මළවුන්ගේ අවුරුදු දා හෝ ගුරුගීතයට පෙම් බදීනම් මෙය අනිවාර්යෙන්ම කියවන්න.