එක් ගිම්හානයක

Special Price රු. 425.00 Regular Price රු. 500.00
Out of stock
SKU
ek-gimhanayaka-kushan-ranathunga-sooriya-robert-waller

වෘත්තියෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් වූ රොබට් වොලර් මහතා විසින් 1992 දී පළ කරන ලද මේනවකථාව එදා සිට අද දක්වාම ඉතා විශාල අලෙවි වාර්තා තබමින් ලොව පුරා තවමත් අලෙවිවෙමින් පවතී. මුළු මහත් නවකථාඉතිහාසයම තුළ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ නවකථා විසිපහ අතරට මෙය පැමිණ තිබීමෙන් එහි ජනප්‍රියතාව මනාව පැහැදිලිවේ. 1995 දී මෙම නවකථාව ඇසුරින් එනමින්ම නිපැයුණු සිනමා පටයද අතිශය ජනප්‍රිය විය. 

"කින්කෙඩ් පැවසූ, ඒ කාන්තාවත් ඔහුත් වටා ගෙතුණු කථාව හැමදාමත් මාව සියුම්ව කම්පනයට පත් කරනවා. පුරුද්දක් විදිහට මම හැම අගහරුවාදා රාත්‍රියකමමගේ සැක්ෂෆෝන් එක පෙට්ටියෙන් එළියට අරගෙන මා ඔහු වෙනුවෙන් ලියපු අර තනුව වාදනය කරනවා. ඇත්තෙන්ම මම ඒකමෙහි ඉඳන් මා වෙනුවෙන්ම වාදනය කරගන්නවා කීවත් හරි. 

මොකක් හරි නොදන්නා හේතුවක් හින්දා, වාදනය අතරේ මගේ ඇස්දෙක නිතරම ඔහු දුන්නු අර පාලමේ පින්තූරය අසල නවතිනවා. හේතුව කියන්න හරියට මම දන්නේ නැහැ. නමුත් වාදනය අවසන්වෙනකම් මට මගේ ඇස් දෙක ඒ පින්තූරෙන් ඉවතට ගන්න බෑ. 

හරියටම මෙන්න මෙතන හිටගෙන, මම ඔහුට ලියපු තනුව මගේ සැක්ෂෆෝනයෙන් ඔහුටත්, ඔහු 'ෆ්‍රැන්චෙස්කා' නමින් හැඳින් වූ කාන්තාවටත් ඇසෙන සේ වාදනය කරනවා......"

Author කුෂාන් රණතුංග - Kushan Ranathunga (1), Robert J Waller (1)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556566000
පිටු ගණන 186
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:එක් ගිම්හානයක
Back to Top