Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එරීනා

එරීනා

About this book

මව අමතක වෙන්නට නම් ඒවා සියල්ල ද අමතක විය යුතුය. ජීවිතය සැමදාමත් තිබෙන දෙයක් නොවන බව පියා වරක් කීවා ඇයට මතකය.

..කවද හරි දවසක අපි මේ ඔක්කෝම දාලා යනවා එරීනා... සල්ලි හම්බකරන්න ඕන කියලා මිනිස්සුන්ට මතකයි... කන්න ඕන කියලා මතකයි... බෙහෙත් ගන්න මතකයි... ඒත් මේ හුස්ම ටික නවතිනවා කියලා මතක නෑ...

එයත් සැබෑවකි. සියල්ල මතකයේ තබා ගන්නා බොහෝ අය එය අමතක කරන බව ඇයට සිතුණේ දැන්ය. එය එදා ඇයට හරි හැටිම නොතේරෙන්නට ඇත. පියා ඒ සියල්ල ගැනම උපේක්ෂාවෙන් බලන්නට ඇත්තේ ඔහුගේ ජීවිතය ලියැවී ඇත්තේ අඩු වයස් ඉරණමකට බව දැනගත් නිසාද යන්න ඇය සිතුවාය.

හඬමින් සිටීමෙන් වන්නේ තමාගේ සියළු කටයුතු පසුපසට යෑමය. කාලය යනු අල්ලා ගත හැකි දෙයක් නොවේ. මව මෙන්ම පියාද කාලයා සමග ගැටී කළේ සුළු පටු කාර්ය භාරයක් නොවේ. මැරෙන කාලය ගැන දැන දැනම ඔවුන් බොහෝ දේ ඉටු කළේ තමාගේ ජීවිතය හැඩ ගැස්වීමටය.

'කැමැති කරවලා දෙන්නේ මොකටද දැන්...?’

අපෝ මේ... මගේ ජීවිතේ විනාස වෙන ඒවා කියන්න එපා... කැමැති කරලා දෙන්න කිව්වේ මේ ගමන් බිමන් වලට විතරයි... මං පිරිමියෙක් නිසා... ඒ ගර්ල් ලේඩි ගයිඩ් කෙනෙක්වම ඉල්ලනවනං... ඒ මොකද මට ගෑනු ඇඳෑ ඇඳගෙන යන්න බෑ නේ ගෑනියෙක් වගේ ඇඳගෙන...

Details
ISBN
9789550781928
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: එරීනා

Reviews are published once a member of our team has read them.