Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇසළ මාවත අද්දර

ඇසළ මාවත අද්දර

About this book

ප්‍රකාශකගේ සටහන සහ පොත පිළිබඳ හැඳින්වීම මෙහි ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා ග්‍රන්ථ කාර්යාලය අමතන්න (071 944 8899).

Details
ISBN
9786249582002
පිටු ගණන (Pages)
165
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 5
  1. බන්ධනය හා අත් හරීම යන දෙක අතර වෙනස !!!
    ලස්සන ආදරය පිරුනු කතාවක්, බුදුදහම එක්වුනු අවසානයක්..තරුණයින් කියවියයුතුමයි.......
    Chandana sudath ·
  2. ලස්සන වෙනස් විදිහේ පොතක් ❤
    සරල සහ සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ලියැවුනු ජීවිතයේ අනිත්‍ය බව කියල දෙන එක හුස්මට කියවන්න පුලුවන් ලස්සන වෙනස් විදිහේ කෘතියක්. කතාව කියවන අතරවාරයේ සුධාරි, නිර්මාල් සමග කියවන මමත් එහි ජීවත් වුනා කීවොත් වඩාත් නිවැරදියි. අවසානයේ කියවන්නාට දවස් ගණනක් කල්පනා කරන්න පුලුවන් විශාල පණිවිඩයක් කතුවරයා ලබාදීල තියෙනවා.
    පියුමාල් ·
  3. හිතට දැනෙන පොතක්
    රචකයා විසින් උස් පහත්වීන් මනාව ගලපමින් මුල සිට අග දක්වාම ඉතා හොදින් ගෙනහැර දැක්වීමට සමත්ව ඇත.. ඔබ විසින් කියවිය යුතුම පොතක්..
    ජගත් ·
  4. හදවතේ කොනකින් තියාගෙන ඉන්න පුළුවන් පොතක් ❤
    දුකයි,සතුටයි දෙකම එකකට එකක් සමපාතව විඳින්න ලැබෙන ජීවිතය දිහා ආයෙත් හැරිලා බලන්න ඉඩක් වෙන් කරපු පොතක්.මේ ගැන මම වෙනමම සටහනක් මීට කලින් ලියලා තියෙනවා.මේ ඒක...

    අදත් ඊයේ වගේ මතක යි
    නො දැක මා බිමට හරවා
    සිනා පුරමින් ඇවිද ආ ඔබ
    මගේ නෙත් හැඳිනු වෙලේ..

    බෝ ගසක් යට දැනෙන සිහිතල
    සිහි කරයි ඔබෙ සොඳුරු සිනහව
    දහම්පාසල් ගුරුතුමිය වී,
    අහම්බෙන් මා ගිය ගමේ..

    වැලිතලාවේ වෙහෙර පොඟවා
    ඔබේ සාරියේ පැහැය ඇඳිලා
    මගේ නෙතුමානයට ආ දින
    වගේ,ඔබ දුර මාවතේ...

    විහාරේ බුදු දහම් අසනා
    සුරඟනක සිතුවමක් හමුවේ
    ඔබේ වත මතු වෙලා තිබුනා
    ලොවේ බැමි බිඳලූ ලෙසේ

    සුදු නෙළුම් මල් දෙකක් පිදුවා
    තුරුනුවන් සරණේ වෙළෙන්නට
    අපේ මොහොතක ස්නේහය රැඳී
    සදා වන්දන පන්සලේ..

    ඇසළ මාවත අද්දර කියලා අරුණ අහස් රත්නායක මේ පොතට දාපු නමට අනිත් හැම දේකටම වඩා කැමතියි.ඒ නම ගැන හිතේ ඇති වුනු කැමැත්ත නිසාමයි පොත හොයාගෙන කියවන්න නොසන්සිඳෙන ආසාවක් ඇති වුනේ.පැය දෙකක විතර කාලයක් මිඩංගු කරලා එක හුස්මට පොත කියවලා ඉවර කරන්න තරමටම ආකර්ශණයක් ඇති වුනා.

    මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවිතය ගැට ගහ ගත්තු මිනිස්සු නැති තරම්.ඒ නිසා හරිම සුගම්‍ය විදිහට ගලාගෙන යන කතාවක කොතැනක හරි එක තැනක මහා විශාල ආගාදයක් මුණ ගැහෙවී කියලා පොතේ පිටු එකින් එක පහු කරගෙන යද්දී මට හිතෙන්න ගන්නවා....
    ඒ සිතිවිල්ලට අරුණ ඉඩ ලබා දෙන්නෙත් බොහෝම සියුම් විදිහකට.

    කාලෙකට කලින් බලපු සහ අදටත් මම වැඩියෙන්ම ආදරය කරන චිත්‍රපටයක් තියෙනවා 5 centimeters per second කියලා.ඒ චිත්‍රපටය පටන් ගැන්මේදීම කියන්නේ චෙරි මල් පෙති බිමට වැටෙන්නේ තත්පරයකට සෙන්ටිමීටර පහක වේගයෙන් කියලා.මේ පොත කියවගෙන යද්දී මට හිතෙනවා ඇහැළ මල් පෙතිත් ඒ වේගෙන්ම බිමට වැටෙනවා ඇති කියලා.ඒ චිත්‍රපටයෙන් දැනුනා වගේම මිහිරි සියුම් හැඟීමක්මයි ඇසළ මාවත අද්දර කියවගෙන යද්දී මට දැනුනේ.
    මල් පෙති එකින් එක හැලිලා ගිහින් ගහ සම්පූර්ණයෙන්ම මලින් තොර වුනායින් පස්සේ ආයෙත් අලුතින්ම මල් පූදින්න පටන් ගන්නවා...
    අපි ගෙවාගෙන යන සංසාර චක්‍රය පුරාවටම අනවරතව සිදු වෙන දෙය ඇහැළ මල් ගහක් දිහා බලාගෙන තේරුම් ගන්න උනත් පුළුවන් අවශ්‍යයි නම්.අරුණ ඇසළ මාවත අද්දරින් කියලා දෙන්න හැදුවේ ඒ කතාව කියලා මට හිතුනා...
    පොතක් ගැන රිවීවු එකක් කරන්න තරම් හැකියාවක් නැතත් ඇසළ මාවත අද්දරට මම මාරම කැමතියි.

    බෝ මළුවක දැනෙන සිසිලස හිතට ඇත්තටම දැනෙන තරමටම නිවෙන්න පුළුවන් පොතක් මේ.
    Anuja wickramasingha ·
  5. ඇසළ මාවත අද්දර - ආදරණීය දඟකාර තාරුණ්‍යයට, උතුම් වූ බුදුදහම සම්මුඛ වීම...
    මේ ජීවිතේ ඔයාලාට හම්බවුණු වටිනා ම දේ මොකක් ද...
    මට නම් ඒ, බුදුදහම.
    අටලෝදහමෙන් කම්පා නො වී ජීවත් වෙන්න පුංචි ම හරි හැකියාවක් මට ලැබුණා නම්, ඒ, බුදුදහම හින්දා.
    මේ පොතේ කතාව; දිගින්දිගට ම බලාපොරොත්තු බිඳවැටුණු කාලයක බුදුදහම මුණගැහීමත් එක්ක, දඟකාර තරුණියකගේ ජීවිතය වෙනස්වෙන හැටි ගැන...

    ***

    “දිනක් තම මිතුරියකගේ රූපලාවණ්‍යාගාරයකින් ඇගේ කෙස් රොදක් වර්ණගැන්වූයේ අක්කා විසිනි. ඇය ඉන් පසු බලා උන්නේ අක්කාත් එලෙසින් ම කරගන්නා තුරු ය. ඇයට උණගැනුණේ අක්කාගේ කතාවෙනි. ‘මට පිස්සු කියලා හිතුවා ද! ඔහොම කොහොම ද ගෙදර යන්නේ...’ ඉතින්, ඇය දන්නා වැඩ සියල්ලක් ම දා, ඒ කෙස් රොද වැහෙන සේ තම කෙස්වැටිය පීරාගත්තාය. අම්මාගේ ඇස්වලින් එය වසන් කරන්නට නම් ඒ කිසිවකට නොහැකි විය. එදා ඇයට අම්මාගෙන් සංස්කෘතිය, සභ්‍යත්වය ගැන පමණක් නො ව, තම පෙළපත ගැන පවා කන් පිරෙන්නට අසාගන්නට සිදු වූයේ, අක්කා හාන්සිපුටුවකට වී ටිපිටිප් කමින් ඒ දර්ශනය රසවිඳින අතරතුර ය...”

    ***

    “බෝමළුවේ නිවුණු සිසිලසත්, සෙලවෙනා පහන් වැටිවල එළියත්, හඳුන්කූරු දැවෙනා සුවඳත්, පොඩිහාමුදුරුවන්ගේ සුමධුර ගාථා හා කාව්‍යයන් සමඟින් එක් ව, සැමගේ සිත් නිසසල කරන්නට, සුවපත් කරන්නට දායක වුණි. පැන් කලවලින් බෝධිමූලය නැහැවී යද්දී, එක් අහිංසකාවියකගේ සුවපත්භාවය වෙනුවෙන් කෙරුණු ප්‍රාර්ථනා රැසක පුණ්‍යශක්තිය වා තලයට මුසුවෙමින් පැවතුණි.
    ලොවක් සනහාලන්නට පෙරුම් පිරූ උතුම් බෝසතාණන් වහන්සේ නමකට, අවසන් මොහොතේ මේ බෝධිය සෙවණ සරණ වූයේය.
    උන්වහන්සේගේ බුද්ධ ශාසනය පවත්නා තාක් කල්, සුවහසක් සැදැහැවත් අනුගාමිකයින්ට ද, මේ බෝධිය ම සෙවණ සරණ වන්නේය...”

    ***

    “කාලය සෙමින් ගතවෙද්දී, ඇගේ සිත නිරවුල් වූ ද, පැහැදිලි වූ ද එකක් බවට පත් වන්නට විය.
    නොකැළඹුණු පිරිසිදු දිය රැඳි පොකුණකට හිරු එළිය වැටෙන කල්හි එහි පතුල පැහැදිලිව දිස්වන්නා සේ, ඇයට තම අභ්‍යන්තරය විනිවිද දැකීමේ හැකියාවක් ලැබෙමින් පැවතුණි.
    ඇය සුවපත් වූ ද, ආලෝකවත් වූ ද දිවි පෙවෙතකට, තමාටත් නො දැනී ම අවතීර්ණ වෙමින් සිටියාය.
    දිවියේ ඕනෑ ම දෙයකට මුහුණදීමට සමත් තරමේ උපේක්ෂාවක් පෙරදැරි කරගත්තා වූ සොඳුරු මන්දහාසිනියක් බවට පත් ව උන්නාය.”

    ***

    “මල් සමයේ නිමාව සනිටුහන් කරමින්, ඒ වෘක්ෂයෝ මල්කිනිති කිහිපයක් පමණක් දැරුවෝය. තව නොබෝ දිනකින්, මේ ගස්ගොන්න මාස කිහිපයක් පුරාවට පවතිනා නිද්‍රාවකට වැටේ. ඉන් පසුව යළි දලුලමින්, පොහොට්ටු දරමින්, මල් වියන් තනන්නට අවදි වේ.
    අප සැමගේ ජීවිත ද මේ ආකාර ම ය.
    ඇති වේ.
    පවතී.
    නැති වේ.
    නැවත යළි ඇති වේ.
    අවිද්‍යාවෙන් හා තෘෂ්ණාවෙන් වෙළී සැදී බිඳී යන චිත්ත පරම්පරාව සුවපත් කරනා තාක් කල්, මේ ජීවිත යළියළිත් ගිනිගෙන දැවෙමින් තැවෙමින් අනන්තයක් කරා ගමන් කරයි...”
    අරුණ අහස් රත්නායක ·
Write a review

You're reviewing: ඇසළ මාවත අද්දර

Reviews are published once a member of our team has read them.