ගලන ගඟ මනරම්
නිව්ටන් ගුණසේකර
ගලන ගඟ මනරම්
නිව්ටන් ගුණසේකරයන්ගේ හැටවසරකට ආසන්න සත්‍ය ජීවන අත්දැකීම් පාදක කොට ගෙන 'ගලන ගඟ මනරම්' නමින් ප්‍රකාශිත මෙම නිර්මාණ කෘතිය නව සාහිත්‍ය ප්‍රභේදයක් වූ ස්වයං චරිතානුබද්ධ නවකතාවක් (Autobiographical Novel) ලෙසට හඳුන්වා දිය හැකිය. සත්‍යවාදී චරිතයක ඇතුළාන්තය අවංක හා ඊට අදාළ සිද්ධිදාමයන් නාට්‍යාත්මක අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා දක්වා ඇති සුරුබුහුටිකම හා ප්‍රතිභානය පාඨක සිත අමන්දානන්දයට පත් කරවයි.
ප්‍රශස්ත ගුවන්විදුලි මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රවීණ සාහිත්‍යධරයකු වශයෙන් ජනප්‍රිය නමක් දිනා සිටි කතුවරයා පාසල් වියේ සිට අද දක්වා පැමිණි ගමන්මග මෙහි ප්‍රතිනිර්මාණය කොට ඇත්තේ ගල් බොරලු බාධක හිරිහැර මැදින් ගලා ආ මනරම් නදියක් පරිද්දෙනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.