ගල්මන්කඩ වලව්ව
ත්‍රාසජනක කතාවක් ඇසීමට, නැරඹීමට හෝ කියවීමට මිනිසා තුළ සහජ ආශාවක් පවතී. ඔවුන් ලොමු ඩැහැගැන්වෙන අවස්ථා දෙස බලා සිටින්නේ කුතුහලයකිනි. අනාදිමත් කාලයක සිට අප අතර පවත්නා ගුප්ත විශ්වාස පදනම් කරගෙන පන්තක භාතිය සිරිවර්ධන ලියූ ගල්මන්කඩ වලව්ව' කතාව පාඨකයා ත්‍රාසයෙන් මුසපත් කරන්නාවූ සිද්ධි මාලාවක අනුයෝජනයකි.
පවුල් බන්ධනයේ මහිමය-ධන තණ්හාව-වෛරය-ක්‍රෝධය-පලිගැනීම මෙන්ම ආදරය සහ කරුණාන්විතභාවය පිළිබද මහිමය පැවසෙන ත්‍රාසජනක අත්දැකීමක් රැගත් 'ගල්මන්කඩ වලව්ව' එක හුස්මට කියවා නිම කළ හැකි ප්‍රබන්ධයකි.
තිලකරත්න කුරුවිට බණ්ඩාර
පන්තක භාතිය සිරිවර්ධන ප්‍රබන්ධකරුවාණෝ තම ව්‍යායාමය තුළ පාඨකයන්ව ගෙන යන්නේ ඔවුන් එකිනෙකාගේ ගල්මන්කඩට ලඝුවූ' ගුප්ත-අභිචාරී-අභිරහස්මය හා කෙනෙකු සපිරිව නොදන්නා කලාප-වපසරියන් පිළිබඳව පිරික්සීමට දැයි හිතුණු වාර ප්‍රමාණය අපමණයැ.
සංසාරගත මානව භවය, ගන්ධබ්බ බව, අන්තර්භව නියාසය, පුනරුත්පත්තිය, පුනර්භවය සහ පුනරාවතාර යන හින්දු-ජෛන හා
බොදු ධර්ම ඉගැන්වීම් හා ඔබ මොබ යමින් සුපැහැදිලිවම යථාර්ථවාදී සන්නිවේදන විදර්ශනයන් හි සංඝටක අවැසියාව පිළිබඳව යම් මටසිලිටු ඉඟි පෙන්වමින් හා තම පාඨකයනට ත්‍රාසය, බිය, තැතිගැන්ම, ප්‍රේමය, කුටුම්බය, හිමි-අහිමි වීම්, වියෝව හා විරාගය ආදී මානව චිත්තවේදී ප්‍රපංචයන් හරහා රචිත මෙකී අපූරු ප්‍රබන්ධය, කියවීමට ඇබ්බැහිවූවන්ගේ පටබැඳි කලා රසට පංකාදුම අතැඹුලකි.
ශාන්තිකුමාර් හෙට්ටිආරච්චි
-
Must Read ThrillerWOW—what a ride! ????????
This is easily one of the best Sinhala thrillers I’ve ever read. Your imagination is on another level. It’s been such a long time since a book pulled me in this deeply. I finished it in less than 24 hours!
What I loved most is how vividly the story unfolded; every scene played out in my mind like a gripping drama. The atmosphere, the suspense, the setting, everything felt so real that I couldn’t help but wish that Walawwa, Esther & Bhanuka actually existed.
Truly impressive work. Well done! All the best to you! ????????
Let's wait for the next book.
May be Galmankada Walawwa Part 2 - Esther reborn-Sulakna's story -
ඉතාම රසවත් කතා පොතක් / A good readමෙය එක හුස්මට කියෙව්වා. කුතුහලය දනවන බිය ගෙන දෙන අවස්ථා වගේම ආදරය සහ කරුණාව විදහා දක්වන අවස්ථා වලදී දෑසට කඳුළු ඉනුවා. නවකතාව යනු මෙයයි.