ගඟ බඩ ගම මැද
මේ කතාවේ එන චරිත සැබෑ මිනිසුන් ඇසුරින් නිර්මාණය වූ ඒවා ය. ඇතැම් සිදුවීම් සත්‍ය කරුණු ඇසුරෙන් නිර්මාණය වූ අතර, තවත් සමහරක් කල්පනා ලෝකයෙහි හටගත් ඒවා ය.
පුද්ගල චරිත පමණක් නොව, බරාව, මුත්තැස් ගොවිතැන හා ගංවතුර ද, එදා සමාජය හා බැඳුණු හැසිරීම් රටාවේ සහ අධ්‍යාපන යේ ඇතැම් කොටස් ද, ගමේ රටේ විශේෂ සිදුවීම් කිහිපයක් ද මේ කතාවට අයත් වෙයි.
මේ කෘතියට සම්බන්ධ සරල ගැමි සමාජය දැන් අහෝසි වී ඇත. එදා බරාවේ පැවති මුත්තැස් වී ගොවිතැන අද මතකයෙහි ඇත්තේ, පැරැන්නන් අතළොස්සක් තුළ පමණි. ඔවුන් ද තව ටික කලකින් අප අතහැර ගිය පසු, ඒ මතකයන් මුළුමනින්ම අහෝසි වනු ඇත. අතීත කාමය යැයි ඒවා කුණු ගොඩට බැහැර කළ යුතු ද? එසේ නම් මුළු ඉතිහාසය ද, කුණු ගොඩට දැමීමට සිදු වෙයි.මෙහි ඇත්තේ ඒ ඉතිහාසය නොවේ. ඒ ඇසුරෙන් කළ නිර්මාණයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.