Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / යටත් විජිත යුගයේ පත්තර කතුවැකි

යටත් විජිත යුගයේ පත්තර කතුවැකි

About this book

"....දැන්කාලේ මහත්කමනම් මේසයක්පිට බීමජාති රැස්කොට තබාගණ එයපිරිවරාගෙණ බොමින් නානාවිලෝප කරමින් 'සර්වදිය පුරණවාය' යන අහ ඉන්න අයටත් ලැජ්ජාහිතෙන තරමට ප්‍රලාපකීමත් යුරෝපිය රටවලින් බෝවෙච්ච 'සිවිලයිස්' බවකි...."
"ලක්මිණිපහන" 1865 නොවැම්බර් 01

"......කොයි අන්දමට වුවත් වැසියන්ට අයබදු අප්‍රිය වූ දෙයකි. එබැවින් අයබදු ගැනීම බමරුන් මල නොතලා රොන්ගන්නා පරිද්දෙන් කලයුතුබැව් පුරාණ පණ්ඩිතයන්ගේ කීමකි..."
"ලක්රිවිකිරණ" 1867 ඔක්තෝබර් 25

".....අප නාගරික සභාව වෙළඳාමට බැහැලා ඉන්නවා පළමුවෙන් දක්නට ලැබුනේ ලඟකදී නොවෙයි. පුනක්කු හුණු ආදිය අප නාගරික සභාව වෙළඳාම් පිණිස තබාගන ඉන්න බඩුයි. නමුත් ඒවා අතරේ 'ප්‍රඥාව' නමැති බඩුව වෙළඳාමට ඇති බවක් පේන්ට නෑ. ඒ ද්‍රව්‍යය වැඩිමනක් එහාට ඇති බව අප විසින් කවදාවත් විශ්වාසකළේ නෑ. විකිණීමට කොයිහැටි නුමුත් තමුන්ගේ ඉතාම අවශ්‍ය ඕනෑකම් පිරිමසාගන්න තරමට ඒ සභාව වෙත 'ප්‍රඥාව' තුබුනායයි මේ වෙනතුරු කල්පනාකළෙමු. නුමුත් අප කල්පනාව වැරැදි බව පෙනේ. ප්‍රඥාව සොයා හිඟමනේ යන්ට නාගරිකසභාවට ඕනෑවී තිබේ..."
"ඥානාර්ථ ප්‍රදීපය" 1875 ජුලි 30

"......සිංහල ජනයාගේ ස්වභාව චරිතයෙහි බලවත් වෙනසක් මෑතකදී වී තිබෙන බව ප්‍රත්‍යක්ෂව පෙනේ. මේ විපර්‍යාසයට හේතුව කුමක්ද? මීට පිළියම් කෙසේද යනු සිහි නුවණ ඇති කා විසිනුත් සියුම් ලෙස කල්පනා කටයුතු කරුණුවවකියමු..."
"සතෙහදය" 1895 පෙබරවාරි 14

".........ආණ්ඩූ ක්‍රමයේ දෝෂයෙන් දුක්පත්කම සහ අපරාධ ක්‍රියා වැඩිවී 'ලක්දිව මේ පෘථිවිය මතුපිට තිබෙන අපායක් කර තිබේ' යනාදී බලවත් දෝෂාරෝපන කරණු ලබන මේ කාලයේදී මත්පැන්ශාලා අඩු කිරීමට ලංකාවේ ආණ්ඩුව පසුබටවේයයි අපි නොසිතමු."
"දිනකර ප්‍රකාශය" 1900 ජුනි.

ISBN
9789553112682
පිටු ගණන (Pages)
250
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යටත් විජිත යුගයේ පත්තර කතුවැකි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.