Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
දේවතා එළි

"මං හිතන්නේ ඒ ලෙවිතාන්...... දෙවියනේ.....! මිනිහ අර මොනවද කරන්නේ?......"

ප්‍රහාරය

"ලාන්ස්......... මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්!"

නොනිමි ගවේෂණය

"මේක කාගෙ හරි විහිළුවක් වෙන්න බැරිද මැක්... සම්ප්‍රේෂකය තියෙන තැන හොයාගත්තද?"

ගායා

"ඔබ දන්නවාද ඔවුන් ඇයට ඇයි. ගායා කියන නම තිබ්බේ කියලා?"

චිත්ත වෛරසය

"මං හිතන්නේ කුමරිය යංතමට හරි අහල ඇති මිච් රාජ වංශයේ පුරාවෘත්තය ගැන..... "

ප්ලේටෝ සින්ඩ්‍රෝමය

"ඇයි මං දුක්වෙන්නේ.....? මට නැත්වුණේ මට ආදරය නොකරපු කෙනෙක් ! ඒත් එයාට........ එයාට නැතිවුණේ එයාට ඇත්තටම ආදරය කරපු කෙනෙක්! ඉතින් පාඩුව එයාටයි. මට නෙමෙයි. " ඔහු හෙවත් ඇය

"ඇත්ත මූල්ඩර්........ඇත්ත! ඇය ඒ වෙලාවේ එතන හිටියා...."

ISBN
9789553493774
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. ගායා - සඳුන් සිරිබන්දු
    අමුතු නමක් සහ අසා නැති ලේඛකයෙක්. නමුත් පොතේ කවරය සිත් ඇදගන්නා සුලු වීම සහ විද්‍යා ප්‍රබන්ධ සහ ෆැන්ටසි කෙටි කතා එකතුවක් යන පාඨය දැකීමෙන් පිටු කීපයක් හෝ කියවා බැලීමට සිත් විය.
    ආරම්භක කතාව වූයේ දේවතා එළියි. විද්‍යාව සහ ආධ්‍යාත්මය එක් කොට ගෙතුණු අපූරු කතාන්තරයකි. පරිණාමනයේ නියාමනයන් සහ සොබාදම එක් කොට කතාව ගලපා ඇත.
    එක කියවා දෙකද කියවීමට සිත් විය.
    එසේ මෙසේ කෙසේ හෝ එක හුස්මට පිටු 107ක් කියවා අවසන් කර ඇත.
    විවාදයක් නැත. පොත සාර්ථකය. මෑත ඉතිහාසයේ ලියැවුණු ඉතා සාර්ථක විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා ගොණුවකි.
    ගායා, මිනර්වා, පාරා , ආචාර්‍ය වර්නන්, ලාන්ස්, බිනෝ රජු, මිච්වරු සහ රොබෝ සේවකයන් සමඟ තරු මන්දාකිණි අතර සැරි සැරූ අපූරු වෙලාවක්. එකිනෙකට වෙනස් තේමා සහ දර්ශන මවා පානා රසවත් කතාන්තර ගොනුවක්.
    කාතාන්තර අවසානයේ සිටි එක් එක් විද්වතුන් විසින් පළ කරන ලද මත නිසා කතාන්තර තව දුරටත් ගැඹුරින් පැහැදිලි වීම සහ කතාන්තරයට නව ආලෝකයක් එක් වීම සිදුවී ඇත. අපගේ එදිනෙදා භාවිතයෙන් තොර වචන සහ තාරකා විද්‍යාවේදී යෙදෙන වචන සහ නවතම නම් ග්‍රන්ථකරණයේදී භාවිතා කර ඇත.
    මානව හැඟීම් තාක්ෂණය හා අපූරුවට ගලපා කතාන්තර ගෙතී ඇත්තේ හුදෙක් ෆැන්ටසියක්ම කිව නොහැකි තරම් අපූර්වත්වයකිනි.
    ගායා සහ සඳුන් සිරිබන්දු , ඔබට ජය
    හංසනි හිදැල්ලආරච්චි
    09/09/2019
    හංසනි හිදැල්ලආරච්චි ·
  2. "" ගායා"" සහ සඳුන් සිරිබන්ධු
    සඳුන් නමැති තරුණ ලේඛකයාගේ ගායා කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගිවීම සඳහා මටද ආරාධනාවක් ලැබුනි.2019.09.08වැනි දින,කොළඹ බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ අනුරංග ශාලාවෙහි මෙම උත්සවය ඉතා ප්‍රවීන විද්‍යා ප්‍රබන්ධ කතු තුමන් සහ ඒ පිළිබඳ පුළුල් දැණුමැති මහත්ම මහත්මීන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවැත්විනි.සඳුන්ට කරනා දිරියක් වශයෙන් මාද ගායා පොතක් මිළට ගතිමි.
    සඳුන් නමැති විද්‍යා ප්‍රබන්ධ නවක කතුවරයා ලේඛන කලාවට අත්පොත් තැබුවේ ඔහු පාසල් යන අවධියේ සිටමය.ඒ පිළිබඳ විස්තර ඔබට කතුවරයාගේ සටහනින් දැනගැනීමට හැකිවනු ඇත. මා ඊයේ රාත්‍රියේම ගායා පොත කියවා බැළුවෙමි.
    සඳුන් ඔබ ඉතා දක්ෂ ලෙස,පාඨකයාගේ සිත කුතුහලයෙන් ඇදබැඳ ගන්නා අයුරින් ඔබගේ ගායා පොතෙහි සියළුම කතා ලියා ඇති බව මා ඉතා සතුටින්, ගෞරවයෙන් සඳහන් කරමි.
    සඳුන්ට දැන් අවැසි වන්නේ ඉදිරි අනාගතයේදී තව තවත් මෙවැනි අපූරු විද්‍යා ප්‍රබන්ධ කෘති පාඨක ජනතාව වෙත පිළිගැන්වීම පමනි.
    ඔබත් ගායා පොතක් මිළදී ගෙන ඔහුට ඔබගේ අදහස්,විවේචන,යෝජනා කරමින් ඔහුගේ ලේඛණ හැකියාව ඔපමට්ටම් කරගැනීමට සහයවන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
    බොහොමත්ම ස්තූතියි.

    Dilup Anuradha Gamage
    09/09/2019

    **දිලූ ·
Write a review
Write a review

You're reviewing: ගායා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.